මේ වසරේ පළමු මාස හතේ ආනයන වියදම ඉහළට

116

මේ වර්ෂයේ (2021) පළමු මාස හතේදී ශ‍්‍රී ලංකාවේ මුළු ආනයන වියදම සියයට 30.7 කින් ඉහළ ගොස් තිබේ.

මේ අනුව ගිය වර්ෂයේ (2020) ජනවාරි සිට ජුලි දක්වා මාස හතක කාලයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 8968 ක් වූ මුළු ආනයන වියදම මේ වසරේ (2021) මුල් මාස හතේදී ඇමෙරිකානු ඩොලර් 11725 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

මේ නිසා ගිය වසරේ මුල් මාස හතට සාපේක්‍ෂව මේ වසරේ මුල්මාස හතේදී පමණක් ආනයන වියදමේ සිදුව ඇති ඉහළ යෑම ඇමෙරිකානු ඩොලර් මිලියන 2757 කි.

මේ කාලයේදී අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 6803 ක් දක්වා සියයට 23.7 කින් ඉහළ ගියත් අපනයන ආදායම ඉහළ යෑමේ වේගයට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් ඉහළ යෑම නිසා වෙළෙඳ හි`ගයද ඇමෙරිකානු ඩොලර් මිලියන 4922 ක් දක්වා ඉහළ ගියේය.

මේ අතර ඉකුත් ජුලි මාසයේදී ආනයන වියදම ගිය වර්ෂයේ ජුලි මාසයේදී වාර්තාවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1294 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 1710 ක් දක්වා සියයට 32.2 කින්ද ඉහළ ගොස් තිබේ. එහෙත් ජුලි මස අපනයන ආදායම් වර්ධනය වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1104 දක්වා සියයට 1.7 කින් පමණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment