මේ වසරේ පළමු මාස හතේ සංචාරක ආදායම ඉහළට

137

මෙම වසරේ පළමු මාස හතේදී මෙරටට ලැබුණු සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 824.9 ක් දක්වා වර්ධනය වී ඇත.

ගිය වසරේ (2021) පළමු මාස හතේදී ලැබී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50.4ක සංචාරක ආදායමක් පමණකි.එසේම 2021 ජූලි මස ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 6.3ක සංචාරක ආදායම මේ වසරේ (2022) ජූලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 85.1ක් දක්වා ද වර්ධනය වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ. එසේම ගිය වසරේ (2021) ජනවාරි සිට ජූලි දක්වා පැමිණි 19,337ක් වූ විදේශ සංචාරකයන් ප්‍රමාණය මේ වසරේ (2022) ජනවාරි සිට ජූලි දක්වා මාස හතේදී 458,670ක් දක්වා සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇතැයි ද එහි සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment