මේ වසරේ පළමු මාස හයේ ආර්ථිකයේ 4.8% ක පසුබෑමක්

76

මේ වසරේ (2022) පළමු මාස හයේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.8 කින් පසුබෑමට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ගියවසරේ (2021) පළමු මාස හයේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 9.3 ක ධන වර්ධනයක් වාර්තා කර ඇති අතර ඊට සාපේක්‍ෂව මේ වර්ෂයේ (2022) පළමු මාස හයේදී මෙසේ 4.8 ක සෘණ ආර්ථික වර්ධනයක් වාර්තා කර තිබේ.

කොවිඩ් 19 වසංගතය පහව යෑමත් සමඟ ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කළ මෙරට ආර්ථික ක්‍රියාකාරකම්, 2022 වසරේ ආරම්භයේ සිට ආර්ථික අර්බුදය තීව්‍ර වීමත්, විදේශ විනිමය ද්‍රවශීලතාවයේ හිඟය නිසා ඇතිවූ අවිනිශ්චිතතා ඉහළ යෑමත් සමඟ නැවත අඩපණ වූ බව ද මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

මේ නිසා මේ වසරේ (2022) පළමු මාස හයේදී ශ්‍රී ලංකා ආර්ථිකය පසුබෑමට (සංකෝචනයට) ලක්වූ බව ද මහ බැංකුව නිකුත් කළ එම නවතම වාර්තාවේ තවදුරටත් දැක්වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ ‘මෑතකාලීන ආර්ථික ප්‍රවණතා – 2022’ වාර්තාව මගින් මේ තොරතුරු අනාවරණය කර ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment