මේ වසරේ මාස හයකදී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 739.8 ක ආදායමක්

117

මේ වසරේ (2022) ජනවාරි සිට ජූනි දක්වා මාස හයක කාලයේදී සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 739.8 ක ආදායමක් උපයාගෙන ඇතැයි මහ බැංකුව පවසයි.

එය ගිය වසරේ (2021) මුල් මාස 06 තුළ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 44.1 හා සැසඳීමේදී සියයට 1,578 ක වර්ධනයක් බව මහ බැංකුව නිකුත් කළ නවතම වර්තාවක දැක්වේ.

මේ වසරේ පළමු මාස හයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයන් සංඛ්‍යාව 411,377 ක් වන අතර එය ගිය වසරේ පළමු මාස හයේ පැමිණි 16,908 ක්වූ සංචාරකයන් ප්‍රමාණයට වඩා සියයට 2333 ක වැඩිවීමක් බව ද මහ බැංකුව පවසයි.

මේ අතර පසුගිය ජූනි මාසය තුළදී වාර්තා වන සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 59.1 ක් වන අතර ගිය වසරේ ජුනි මාසයේදී ලැබුණු සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 4.2 ක් පමණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment