මේ වසරේ මාස 09 ට අපනයන ආදායම 11.83% කින් නගී

92

මේ වර්ෂයේ (2022) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේදී මෙරට අපනයන ආදායමේ සියයට 11.83 ක වර්ධනයක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

මේ අනුව ගිය වසරේ (2021) මුල් මාස නවයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 8938.49ක් වූ මුළු වෙළෙඳ භාණ්ඩ ආපනයන ආදායම මේ වසරේ (2022) මුල් මාස නවයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 9996.19 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය ඊයේ (25දා) නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. මේ අතර ඉකුත් සැප්තැම්බර් මස අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1034.5 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 1093.98 ක් දක්වා සියයට 5.75 කින් වර්ධනය වී ඇති බවද එහි සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත සහ ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment