මේ වසරේ මාස 10ට තෙල් පාඩුව කෝටි 7000ක් ඇමැති ගම්මන්පිල කියයි

81

ඉන්ධන මිල සංශෝධනයක් නොකිරීම නිසා මෙම වසරේ මුල් මාස 10ට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 7000ක පාඩුවක් සිදුව ඇතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (01)දා පැවසීය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව විදේශ රටකට විකුණා දැමීමට කිසිදු අදහසක් නැති බවත් දැනට වැඩ නතරකර ඇති, වසර 52 ක් පමණ පැරැුණි එම පිරිපහදුව මිලදී ගැනීමට ද කිසිවෙකු ඉදිරිපත් වී නැතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් අසන ලද අතුරු ප‍්‍රශ්න දෙකකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ පැවසීය.

සපුගස්කන්ද පිරිපහදුව මේ මාසයේදී නැවත විවෘත කරන බවත් එය කිසිලෙස විකුණන්නේ නැති බවත් එම පිරිපහදුව මිලදී ගැනීමට කිසිවකු හෝ කැමැති නොවන ඇතැයි ද උදය ගම්මන්පිල මහතා පැවසීය.

මේ වනවිට පෙට‍්‍රල් ලීටරයකට රුපියල් 42ක් ඞීසල් ලීටරයකට රු. 14ක්, සුපර් ඞීසල් සඳහා රුපියල් 38ක් වශයෙන් බදු අය කළ ද නිසි පරිදි ඉන්ධන ලබාදීමට ක‍්‍රියා නොකරන්නේ මන්දැයි මෙහිදී හේෂා විතානගේ මහතා විමසූ අතර එම බදු අය කිරීම සම්බන්ධයෙන් යම් සහනයක් ලබාදීමට පියවර ගන්නැයි තමන් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්කර ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය. මේ අතර පසුගිය මාස හත පුරාවට ඉන්ධන මිල වැඩි නොකළ එකම රට ශ‍්‍රී ලංකාව බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment