මේ වසරේ මාස 10 ට තෙල් ආනයන වියදම ඩොලර් මිලියන 853 කින් නැගලා

117

මේ වසරේ (2021) පළමු මාස දහයේදී ශ‍්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 853.2කින් ඉහළගොස් ඇත. මේ අනුව ගිය වසරේ (2020) මුල් මාස දහයේ ඉන්ධන ආනයන වියදම වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2128.6ක වියදම මේ වසරේ (2021) මුල් මාස දහයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2981.8ක් දක්වා සියයට 40.1කින් වර්ධනය වී ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වර්තාවක දැක්වේ.

මුළු ඉන්ධන වියදම තුළ ඇති බොරතෙල් ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 479.2 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 565.3 දක්වා සියයට 18කින් වර්ධනය වී ඇති අතර පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 1481.3 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 2191.5ක් දක්වා සියයට 48කින්ද වර්ධනය වී ඇත. එසේම ගල්අ`ගුරු ආනයන වියදම් ඇමෙරිකානු ඩොලර් මිලියන 168.1 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 224.9ක් දක්වා සියයට 33.8කින් වර්ධනය වී ඇතැයිද මහ බැංකුව නිකුත් කළ එම නවතම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment