මේ වසරේ මාස 11 ට අල්ලස් පැමිණලි 1800 ක්

117

මෙම වසරේ ගතවූ මාස එකොළහක කාලය තුළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි එක්දහස් අටසියයකට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි එම කොමිසම සඳහන් කරයි.

මේ අතරින් අල්ලස් හෝ දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇති අතර එම සංඛ්‍යාව 620 කි. වත්කම් සම්බන්ධ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි 64 ක් ද මීට අමතරව ලැබී ඇති අතර එම පැමිණිලිවලට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ විමර්ශන කණ්ඩායම් වැටලීම් 50 ක් පමණ සිදු කර ඇත.

මීට අමතරව ලැබුණ පැමිණිලි අනුව පැමිණිලි 72 ට අදාළව ආයතන මට්ටමින් වාර්තා කැඳවීමට ද එම කොමිසම පියවර ගෙන තිබේ.

තවත් පැමිණිලි 328 ක් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා වෙනත් ආයතන වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment