මේ වසරේ මාස 9 ක ඉන්ධන මිලදී ගැනීමේ තොරතුරු කංචන සභාගත කරයි

91

මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් පළමුවැනිදා දක්වා ඉන්ධන මිලදී ගැනීමට අදාළ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට ඊයේ (08දා) ඉදිරිපත් කළේය.

ගතවූ මාස දහයේදී ටෙන්ඩර් ක්‍රියාවලියට අනුව සහ ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව සිදුකළ ඉන්ධන මිලදී ගැනීම්වලට අදාළ සියලු තොරතුරු මෙම වාර්තාවට ඇතුළත් බවද ඇමැතිවරයා පැවසීය.

ඉන්ධන මිලදී ගැනීමට අදාළ තොරතුරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් වරින් වර විමසීම් කළ බවද එබැවින් මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා මෙන්ම ජාතික සභාවේ අවධානය සඳහා ද මෙම වාර්තාව ඉදිරිපත් කරන බව වාර්තාව ඉදිරිපත් කරමින් ඇමැතිවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කාංචන විජේසේකර මහතා මෙසේද පැවසීය. “ඉන්ධන ආනයනය කිරීමට අදාළ තොරතුරු පිළිබඳව දිගින් දිගටම විවිධ විමසීම් කළා. පසුගිය කාලයේ ඉන්ධන ආනයනය කිරීම පිළිබඳව මන්ත්‍රීවරුන් තොරතුරු ඉල්ලුවා. මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් මාසයේ පළමුවැනිදා දක්වා ඉන්ධන මිලදී ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් ප්‍රමාණය, ටෙන්ඩර්වලින් බැහැරව ඉදිරිපත් වූ ප්‍රමාණය, භාරගත්ත ප්‍රමාණය ආදිය ඇතුළත් වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම සහ ජාතික සභාවේ අවධානය සඳහාත් මෙය යොමු කරන්නට ඉල්ලා සිටිනවා.”

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment