මේ වසරේ මාස 9 ට වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 6ත් පනී

122

මේ වර්ෂයේ (2021) ජනවාරි සිට සැත්තැම්බර් දක්වා කාලයේදී රටේ වෙළෙඳ හිඟය (අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය) ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ද ඉක්මවා ගොස් ඇත. මේ අනුව ගිය වසරේ (2020) පළමු මාස නවයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 4337ක් වූ වෙළෙඳ හි`ගය මේ වසරේ (2021) පළමු මාස නවයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 6003ක් දක්වා ඉහළ ගොස් තිබේ. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ. මෙසේ වෙළෙඳ හි`ගය සැලකියයුතු ලෙස වැඩි වීමට හේතු වී ඇත්තේ මේ කාලයේදී රටේ අපනයන ආදායම් වැඩිවීමේ වේගයට වඩා වැඩිවේගයකින් ආනයන වියදම් වර්ධනය වීමයි.

මේ අනුව මේ වසරේ (2021) පළමු මාස නවයේදී අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 8934ක් දක්වා සියයට 20කින් වර්ධනය වන විට රටේ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 14938ක් දක්වා සියයට 26.8කින් වර්ධනය වී තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment