මේ වසරේ මුල් මාස පහේ විදේශ විනිමය ප්‍රේෂණ ආදායම පහළට

129

මේ වසරේ (2022) මුල් මාස පහේදී විදේශ විනිමය ප්‍රේෂණ ආදායම ගිය වසරේ (2021) මුල් මාස පහට සාපේක්ෂව සියයට 53.1කින් පහත වැටී ඇත.

මේ අනුව ගිය වසරේ මුල් මාස පහේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2846ක් වූ විදේශීය විනිමය ප්‍රේෂණ ආදායම මේ වසරේ මුල් මාස පහේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1336 ක් දක්වා පහත වැටී ඇත.

එසේම ගිය වසරේ මැයි මාසයේ විදේශ විනිමය ප්‍රේෂණ ආදායම වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 460ක අගයද මේ වසරේ මැයි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 304 දක්වා සියයට 33.9 කින් ද අඩු වී ඇත. කෙසේ වෙතත් මේ වසරේ අප්‍රේල් මාසයේ විදේශ විනිමය ප්‍රේෂණ ආදායම වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 249 ට සාපේක්ෂව මේ වසරේ මැයි මස විදේශ විනිමය ප්‍රේෂණ ආදායමේ සුළු වර්ධනයක් සිදුව තිබේ.

අවිධිමත් වෙළෙඳපොළ සහ නිල විනිමය අනුපාතය අතර පරතරය අඩුවීමත් සමග දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ දක්නට ලැබෙන ස්ථායිතාව එම ප්‍රේෂණ ආදායම වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment