මේ වසරේ මෙතෙක් මුහුදෙන්  රට පනින්න ගිය 610ක් අල්ලයි

75

මේ වසරේ ඊයේ (6 දා) වන විට මුහුදු මාර්ගයෙන් ඔස්ටේ්‍රලියාව ඇතුළු විදෙස් රටවලට දරුවන් සමග පලා යෑමට තැත් කළ 610 ක් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ මන්නාරම සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලින් 55 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් අතර බාලවයස්කරුවන් 26 දෙනකු සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රදේශයේදී ඔස්ටේ්‍රලියාවට පලා යෑමට රැඳී සිටි 146 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අතර කුඩා දරුවෝ 23ක් වෙති. මන්නාරම තාල්පාඩුව මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් 09 දෙනා අතර කුඩා දරුවන් තිදෙනෙක් සිටිති.

මුහුදු මාර්ගය හරහා විදෙස් රටවලට පලා නොයන ලෙස රජය දැනුම්දී තිබෙන බවත් ඇතැමුන් පලායමින් සිටියදී අත්අඩංගුවට ගත් යාත්‍රා අනාරක්‍ෂිත තත්ත්වයෙන් තිබුණු බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment