මේ වසරේ ශ‍්‍රී ලංකා ආර්ථිකයේ 5.5% ක වර්ධනයක් – කබ්රාල් විශ්වාසය පළ කරයි

121

මේ වසරේදී (2022) දී ශ‍්‍රී ලංකා ආර්ථිකය සියයට 5.5 කින් වර්ධනය වනු ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පැවසීය.

2021 වසරේ යම් කිසි අඩු ආර්ථික වර්ධනයක් තිබූ බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.

මෙසේ ආර්ථිකය වර්ධනය කර ගන්නා ගමන්ම අපිට තවත් අභියෝග කිහිපයක් ජයගන්නට තිබෙනවා. ආර්ථිකයක් හසුරුවද්දී ආර්ථිකයේ සියලූම අංශ එකට කටයුතු කරමින් වර්ධනයක් කරගන්න කටයුතු කරන්න ඕන. ඒ සඳහා සියලූ දෙනාම එකතුවෙලා එකට වැඩ කිරීම අවශ්‍ය යැයි මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.

ආර්ථිකයේ විවිධ පැතිවලින් තවදුරටත් අභියෝග වැඩි නොකර කටයුතු කළොත් මේ සියයට 5.5 ක ආර්ථික වර්ධනයට මේ වසරේ ගමන් කළ හැකි වනු ඇතැයි ද කබ්රාල් මහතා කියයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (12 දා* පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment