මේ වසරේ සංචාරක ආදායම සියයට 95 කින් පහතට

92

මේ වසරේ (2021) මුල් මාස අටේදී මෙරටට පැමිණි සංචාරකයන් ප‍්‍රමාණය සහ සංචාරක ආදායම ගිය වසරේ (2020) මුල් මාස අටට සාපේක්‍ෂව සියයට 95.2 කින් පහත වැටී ඇත.

මේ අනුව ගිය වසරේ (2020) මුල් මාස අටේදී පැමිණි 507,311 ක සංචාරකයන්ට සාපේක්‍ෂව මේ වසරේ (2021) මුල් මාස අටේදී පැමිණ ඇත්තේ සංචාරකයන් 24377 දෙනකු පමණි. එසේම සංචාරක ඉපයුම්ද ගිය වසරේ මුල් මාස අටේදී වාර්තාවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 681.9 සිට මේ වසරේ (2021) මුල් මාස අටේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 32.8 ක් දක්වා පහත වැටී ඇත.

මාලදිවයින වැනි රටවල් කොවිඞ් වසංගත තත්ත්වය සමගම සංචාරක පැමිණීම් වර්ධනය කර ගැනීමට සමත් වුවද ඒ අතින් අපිට සාර්ථකත්වයක් ලැබීමට නොහැකි වී ඇතැයි සංචාරක කාර්මාන්තකරුවෝ පෙන්වා දෙති.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

advertistmentadvertistment
advertistmentadvertistment