මේ වසරේ සමස්ත අයවැය හිඟය රු. බිලියන 2333 ක්

133

කලින් ඇස්තමේන්තු කළ අගයට වඩා බිලියන 705 ක වැඩිවීමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (30 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය ලේඛනය අනුව මේ වසරේ (2022) සමස්ත අයවැය හිඟය රු. බිලියන 2333 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

මෙය මේ වර්ෂය සඳහා මුලින් ඇස්තමේන්තු කර තිබූ රු. බිලියන 1628 ක අයවැය හිඟයට වඩා සමස්ත අයවැය හිඟය රු. බිලියන 705 කින් ඉහළ යෑමකි.

අතුරු අයවැයට මේ වසරේ (2022) නව සංශෝධිත මුළු ආදායම හා ප්‍රදාන රු. බිලියන 2094 ක්ද ඇස්තමේන්තුගත මුළු වියදම රු. බිලියන 4427 ක්ද වේ.

මෙම මුළු වියදමින් රු. බිලියන 3620ක් පුනරාවර්තන වියදම වන අතර රාජ්‍ය ආයෝජන වියදම රු. බිලියන 1072 කි.

රු. බිලියන 2333 ක් වූ සමස්ත අයවැය හිඟය රු. බිලියන 342 ක විදේශ මූලාශ්‍රවලින් සහ රු. බිලියන 1991 ක දේශීය මූලාශ්‍ර මගින් ද පියවා ගැනීමට සැලසුම් කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment