මේ වසරේ සුරාබදු ආදායම 35% කින් අඩුවෙන්න පුළුවන්

91

අපේක්ෂිත සුරාබදු ආදායම මේ වසරේ (2023) සියයට 35 කින් පමණ අහිමි වනු ඇතැයි අනුමාන කරන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පැවසීය.

2022 මුල් මාස දෙකට සාපේක්ෂව මේ වසරේ (2023) මුල් මාස දෙක තුළ සුරාබදු ආදායම සියයට දොළහයි දශම දෙකකින් පහත වැටී ඇත.

2023 වසරේ රුපියල් මිලියන 217 ක් අපේක්ෂා කර ඇතත් එයින් සියයට 65 ක් පමණ අයකර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කර ඇත. සුරාබදු ආදායම පහළ වැටී ඇත්තේ බදු ගෙවන නීත්‍යානුකූල මත්පැන් අලෙවිය පහත වැටීම නිසා බව ද පෙනී ගොස් තිබේ.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරසිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමීක්‍ෂණ වාර්තා අනුව ලංකාවේ නීති විරෝධී මත්පැන් සියයට 300 කින් වර්ධනය වී ඇති බවයි.

නීති විරෝධී මත්පැන් වැඩිවීම සඳහා බලපාන තවත් හේතුවක් ලෙස මත්පැන් හල් ස්ථාන ගතවීමේ අවදිමත් භාවය ද හේතුවී ඇති බව ද හෙළිවී තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment