මේ වසර නිමවන තෙක් සතොස  සහල් මිල වැඩි කරන්නෙ නෑ – ඇමැති බන්දුල කියයි

77

ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ ගියත් නැව් හා කන්ටේනර් ගාස්තු වැඩිවුණත් මේ වර්ෂය අවසන් වන තෙක් සතොස හරහා සම්බා සහල් කිලෝවක් රුපියල් 128කටත් නාඩු හා කැකුළු සහල් කිලෝවක් රුපියල් 105කටත් ලබාදෙන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම මිල ගණන් ද අඩුකළ හැකි අවස්ථාවල අඩුකර ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

සහල් මාෆියාව විසින් වෙළෙඳපොළේ සහල් මිල වැඩිකරමින් ඉදිරි සිංහල අලූත් අවුරුද්දට සහල් කිලෝවක් රුපියල් 300ට අලෙවි කිරීමට ගෙනගිය උත්සාහය ව්‍යර්ථ කර පාරිභෝගික ජනතාවට අවම මිලට සහල් ලබාදීම සඳහා සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවද ඇමැතිවරයා පැවසීය.

ඉදිරි අවුරුදු සමයේ සතොසට අමතරව සමුපකාර මගින්ද සතොස මිලට භාණ්ඩ අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

පසුගිය රජය කාලයේ වසරින් වසර ලක්‍ෂ ගණනින් සහල් ආනයනය කර ඇතත් මෑත ඉතිහාසයේ අඩුවෙන්ම සහල් ආනයනය කර ඇත්තේ වත්මන් රජය බවත් පැවසූ ඇමැතිවරයා 2017 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 301ක් වැය කරමින් සහල් මෙටි‍්‍රක් ටොන් 7,45,000ක් ආනයනය කර තිබූ නමුත් 2020 වසරේ වත්මන් රජය සහල් ආනයනය කර ඇත්තේ මෙටි‍්‍රක් ටොන් 16000ක් බවද පැවසීය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment