මේ වසර පුරාවට  සතොස බඩු එකම මිලට සම්බා 128 යි – නාඩු 105 යි – ඇමැති බන්දුල කියයි

344

ප‍්‍රධාන අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල මිල මේ වසර පුරා සතොස හරහා ස්ථාවර මට්ටමක පවත්වාගෙන යෑමට කටයුතු කරන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

වෙළෙඳ අමාත්‍යාංශයේදී ඊයේ (31 දා) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව පැවසූ ඇමැතිවරයා මෙසේද කීය.

කොවිඞ් 19 ව්‍යසනය හේතුවෙන් ජනතාව දරාගත නොහැකි මිල පීඩනයකට ලක්ව සිටිනවා. මේ තත්ත්වය තේරුම් ගෙන රජයක් වශයෙන් පාලනය කළ හැකි සාධක පාලනය කරමින් කළ හැකි මැදිහත්වීම උපරිම ලෙස කරමින් ජනතාවගේ ජීවන වියදම පාලනය කිරීමට කටයුතු කරනවා.

ඒ අනුව සතොස මගින් පසුගිය කාලය පුරාවටම සහල් මිලෙහි ස්ථාවරත්වයක් ඇතිකර තිබෙනවා. මේ වසර පුරාවටම සම්බා සහල් කිලෝවක් රුපියල් 128 වඩා වැඩියෙන් අලෙවි කරන්නේ නැහැ. ඒ වගේම නාඩු සහල් කිලෝවක් රුපියල් 105 ටත් ලබාදෙනවා. සහල් ආනයනය කිරීමෙනුයි මේ මිල ස්ථායීකරණය පවත්වාගෙන යන්නේ.

දේශීය වශයෙන් පොල් පරිභෝජනයේදී විවිධ මිල ගණන් අය කෙරෙන නිසා මේ වසර පුරාවටම ලොකු ප‍්‍රමාණයේ පොල් ගෙඩියක් සතොස මගින් රුපියල් 75 කට අලෙවි කරනවා. ප‍්‍රථමයෙන් පොල් නිෂ්පාදනය අඩු පාරිභෝගික ජනතාව විශාල පිරිසක් සිටින කොළඹ දිස්ති‍්‍රක්කයේ සතොස අලෙවි සැල් මගින් කි‍්‍රයාත්මක කෙරෙනවා. මේ අනුව සමුපකාර ව්‍යාපාරයටත් මෙය කි‍්‍රයාත්මක කළ හැකියි.

වැවිලි ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා-

ශී‍්‍ර ලංකාවේ පොල් සඳහා ජාත්‍යන්තරයේ විශාල වෙළෙඳ පොළක් නිර්මාණය වෙමින් තිබෙනවා. දේශීය අවශ්‍යතාවය සපුරා ජාත්‍යන්තර වෙළෙඳ පොළ සඳහා පොල් නිෂ්පාදනය වැඩි කිරීමට පියවර රැුසක් ගෙන තිබෙනවා. අපේ ඉලක්කය මේ වසර තුළ පොල් පැළ මිලියන පහක ප‍්‍රමාණයක් රෝපණය කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කෙරෙනවා. ඵලදායීතාවය වැඩි කර ගැනීමට කටයුතු කිරීමෙන් ජනතාවට ඉන් සහනයක් ලැබෙයි.

වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය පොල් පර්යේෂණායතනයේ සභාපති සාරංග අලහප්පෙරුම, සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් යන මහත්වරුද සහභාගි වූහ.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment