මේ ව්‍යසන මොහොතේ සියලූ ව්‍යාපාරිකයින් රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකරන්න…. මධුර විතාන පදනමට මහින්ද්‍රා ගිලන් රථයක් පරිත්‍යාග කරමින් අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම කියයි

128

අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතා විසින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මධුර විතානගේ මහතා වෙත මහින්ද්‍රා ගිලන් රථය ප‍්‍රදානය කරන අයුරු.

අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගම විසින් රුපියල් කෝටියකට ආසන්න විනාකමින් යුත් මහින්ද්‍රා ගිලන් රථයක් මධුර විතාන පදනම වෙත පරිත්‍යාග කරනු ලැබීය.

 කොළඹ දිස්ති‍්‍රක්කයේ වයස අවුරුදු 60ට වැඩි සහ ආබාධිත, ඔත්පලවූ අය ස`දහා අවශ්‍ය එන්නත් ලබාදීමේ කටයුතු මූලික අරමුණ කර ගනිමින් මෙම ගිලන් රථය පරිත්‍යාග කෙරිණි.

 අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ ජන්ම දිනය හා ව්‍යාපාර සමූහයේ සමාරම්භක දිනය යෙදෙන සැප්තැම්බර් 05 දිනය මූලික කර ගනිමින්, කොවිඞ් 19 වෛරසය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවා කඩිනමින් ලබාදීමේ අරමුණින් මෙම ගිලන් රථය පරිත්‍යාග කරන ලදී.

 සිය ආයතනික සමාජ සේවා මැනවින් හ`දුනාගෙන ඇති අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම මීට පෙරද කෝ්විඞ් 19 වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ 2020 වර්ෂයේදී ද සමාජ සුබසාධන සේවා කීපයක්ම ක‍්‍රියාත්මක කරනු ලැබීය. ඒ අනුව පසුගිය වසරේ මාර්තු මාසයේ කෝවිඞ් 19 වෛරසයේ ආරම්භක අදියරේදී මුල්ලේරියාව මූලික රෝහලට කඩිනමින් අවශ්‍ය කර තිබූ රෙදි සෝදන යන්ත‍්‍ර හා කසළ බ`දුන් පරිත්‍යාගයක් ව්‍යාපාර සමූහයේ සභාපති නලීන් වෙල්ගම මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.

 ඊට අමතරව එම වසරේම ජුනි මාසයේදී කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට අත්‍යවශ්‍යව තිබූ, හෘද රෝගීන්ගේ දත්ත ගබඩා කිරීමට අවශ්‍ය ලැප්ටොප් පරිගණක හයක පරිත්‍යාගයක්ද නලීන් වෙල්ගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබාදෙන ලදී.

 එමෙන්ම සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩය ස`දහා අවශ්‍ය පුද්ගලික ආරක්‍ෂණ ඇ`දුම් හා උපාංග තොගයක්ද ගංගාරාම විහාරස්ථනයේදී් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කෙරිණි.

 මීට අමතරව අයිඩියල් මෝටර්ස් විසින් ක‍්‍රියාත්මක කළ සමාජ සුබසාධන ව්‍යාපෘති අතර, පානීය ජල අවශ්‍යතාවයෙන් පීඩා වි`දි නාමල්පුර ප‍්‍රදේශයේ පවුල් 1500ක් ස`දහා පානීය ජල ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීම, නොච්චියාගම, තල්ගස්වැව, විද්‍යාරවින්ද විදුහලේ පාසල් දරුවන්ට අවශ්‍ය සියලුම පොත්පත්, බෑග්, පාවහන් හා පාසලට පානීය ජලය ලබාදීම, කෙවිටියාගල, දියපත්තුගම විහාරස්ථනයේ බෝ මලුව ඉදිකර, බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමක් පූජා කිරීම, දියපත්තුගම එස්. ඒ. වෙල්ගම ප‍්‍රාථමික විදුහලට අවශ්‍ය පරිගණක ලබාදීම, කතරගම දේවාලයට සහ අනුරාධපුර අටමස්ථානාධිපති හිමියන්ට මහින්ද්‍රා ඉලෙක්ටි‍්‍රක් ති‍්‍රරෝද රථ පරිග්‍යාග කිරීම ද ඒ අතර වේ.

 අයිඩියල් මෝටර්ස් වෙතින් ක‍්‍රියාත්මක කරන ලද මෙම සියලුම සමාජ සුබසාධන ව්‍යාපෘති ස`දහා රුපියල් කෝටි තුනකට අධික මුදලක් වැය කර තිබේ.

 මේ පිළිබ`ද අදහස් දැක්වූ අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතා, අද දින අපගේ අයිඩියල් ව්‍යාපාර සමූහයට ඉතාමත් ප‍්‍රීතිමත් දිනයක් ලෙස හ`දුන්වන්න පුලුවන්. අප සමාගමේ සමාරම්ක දිනය යෙදී තිබෙන්නේ සැප්තැම්බර් 05වැනිදාට. අපි සමාගමක් ලෙස විශාල සමාජ සත්කාර රැුසක් වසර ගණනාවක සිට සිදුකරගෙන යනවා. මේ වැඩසටහන් ස`දහා අපි විශාල වශයෙන් ප‍්‍රචාරක කටයුතු සිදු කළේ නැහැ. නමුත් මේ කොරෝනා වසංගතය ශ‍්‍රී ලංකාවට පමණක් සීමාවූ දෙයක් නොවෙයි. ලෝකයේම තිබෙන මේ ව්‍යසනය නිසා මම හිතුවා අපි වගේ ව්‍යාපාරිකයෝ ඉදිරියට ඇවිත් යම්කිසි දෙයක් අපේ රට වෙනුවෙන් කරන්න ඕනි කියලා. අනිත් ව්‍යවසායකයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගෙන් මම ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ, අපි ඔක්කොම වෙනස්කම් අයින් කරලා, රජයට දොස් පවරන්නේ නැතුව, අපෙනුත් කළ යුතු දෙයක් තියෙනවා අපේ රට වෙනුවෙන්. අපි මව්බිමට ආදරෙයි, මේ වෙලාවේ ඉදිරියට ඇවිත් මෙවැනි කටයුතු ස`දහා අත දෙන්න ඕනේ. අපි දන්නවා මේ කොරෝනා ව්‍යසනය නිසා කාර්තු දෙක තුනකට ඉතා විශාල ලාභයක් ලබාගත්ත ආයතන තියෙනවා. මෙවැනි අවස්ථාවක ඉදිරියට ඇවිත් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම් කරන්න කියන ඉල්ලීම මම මේ වෙලාවේ කරන්න කැමති යැයි කියා සිටියේය.

 මේ පිළිබ`ද අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මධුර විතානගේ මහතා, අයිඩියල් මෝටර්ස් සමාගමෙන් මධුර විතාන පදනමට ගිලන් රථයක් ලබාදීම පිළිබ`ද එම ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාට ස්තූතිවන්ත වෙනවා. පවත්නා කොරෝනා වසංගතය හමුවේ අපේ රටට ගිලන් රථවල විශාල හ`ිගයක් පවතිනවා. මෙම ගිලන් රථය මගින් කොළඹ දිස්ත‍්‍රික්කයේ තියෙන සියලුම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාල, පළාත් පාලන ආයතන හා පොලිසි සම්බන්ධීකරණය කරගෙන අවුරුදු 60ට වැඩි නිවෙස්වල ඔත්පලවී සිටින අය වෙනුවෙන් එන්නත්කරණය ලබාදීමට බලාපරොත්තු වෙනවා. එමෙන්ම කොරෝනා වසංගය සමගම මේ වන විට ඩෙංගු වසංගතයත් හිස ඔසවා තිබෙනවා. ඒ නිසා මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාල සමග සම්බන්ධීකරණය කරමින් ඩෙංගු රෝගීන් වෙනුවෙන්ද, රැුපිට් ඇන්ටිජන් පරීක්‍ෂාව, පීසීආර් පරීක්‍ෂාව වෙනුවෙන් මෙම ගිලන් රථය භාවිතා කිරීමට කටයුතු කරනවා. මේ රථය සම්බන්ධීකරණ කිරීමේ පළමු අදියර ලෙස එන්නත්කරණය කිරීමට අවශ්‍ය කටයුතු කෝට්ටේ මහ නගර සභාවේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරිතුමා ප‍්‍රමුඛ සෞඛ්‍ය අංශ විසින් දැනටමත් සැලසුම් කර තිබෙනවා. නලීන් වෙල්ගම මහතාටත්, අයිඩියල් මෝටර්ස් සමාගමටත් මම විශේෂයෙන් ස්තුති වෙනවා සමාගම්වල ලාභය අරමුණ කර ගන්නැතුව ගෝලීය වසංගතය තුළ සමාජ සත්කාර කටයුතු වෙනුවෙන් ඉදිරියට පැමිණීම පිළිබදව.

 මෙම අවස්ථාවට කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරුන් වන ඩෙන්සිල් ගමගේ, නිශා වසන්ති, අයිඩියල් මෝටර්ස් අලෙවි ප‍්‍රධානී ඩිල්ශාන් තෙන්නකෝන්, අයිඩියල් ෆස්ට් චොයිස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ලහිරු සිල්වා, අයිඩියල් මෝටර්ස් නිෂ්පාදන ප‍්‍රවර්ධන කළමනාකරු සාරංග පරණහේවා යන මහත්ම මහත්මීන්ද එක්වූහ.

යූ. කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment