මේ වේලාවේ මා යුද හමුදාපති ධූරයට පත්වේ යැයි සිතුවේ නෑ – නව යුද හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ

994

මේ අවස්ථාවේ තමා හමුදාපති ධුරයට පත්වනු ඇතැයි නොසිතූ බව ලබන (1 දා) නව යුද හමුදාපති ලෙස වැඩ භාර ගන්නා මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය. ‘දිවයින’ විමසූ ප්‍රශ්න කීපයකට නව යුද හමුදාපතිපතිවරයා පිළිතුරු දුන්නේය.

ප්‍රශ්නය- මේ මොහොතේ පොලිසියට හමුදාවේ සහය අවශ්‍යවී තිබෙනවා?

පිළිතුර- පොලිසියේ සහයෝගයට පොලිස් එස්.ටී.එෆ්. එකක් ඉන්නවා. පොලිසිය සෑම මොහොතකම හමුදාවේ සහයෝගය ඉල්ලා සිටියොත් අපි ඔවුන්ට සහය දෙනවා.

ප්‍රශ්නය- හමුදාවේ ලොකු කුඩා නිලධාරීන්ගෙන් සේවය අගය කර එම වෘත්තිය පිළිබඳව ඉදිරියේදී ඔබ ගන්නා ක්‍රියා මාර්ග?

පිළිතුර- ඔය සෑම හමුදා නිලධාරිකේම කටුක අත්දැකීම්වලින් හොඳ පළපුරුද්දක් ලබාගෙන තිබෙනවා. උතුරේ යුද්ධය කාලයේදී ඔවුන්ගෙන් සුවිශේෂ සේවාවක් ඉටුවුණා. ඔවුන් තාමත් කැපවීමෙන් සේවය කරනවා. ඔවුන්ගේ සේවය අගය කරලා මේ කාලේ පුළු පුළුවන් හැටියට යමක් කළ යුතුයි.

ඒ වගේම සියලුම මාධ්‍යවේදීන් සමග සුහදතාවයෙන් අවශ්‍ය අවස්ථාවලදී ක්‍රියා කරනවා. ඒ සඳහා මාධ්‍යවේදීන්ගේ සහය බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය- ඔබට යුද්ධ හමුදාපති තනතුර ලැබෙනවා කියලා බලාපොරොත්තුවෙන් හිටියාද?

පිළිතුර- අපොයි නැහැ මම හිතුවේ නැහැ මේ මොහොතේ මට හමුදාපති තනතුරු ලැබෙයි කියලා. ඒක ආරංචිවෙලා මට පුදුම හිතුණා. හැබැයි ඒ වගේම මට ඒ සඳහා අවශ්‍ය සියලුම සුදුසුකම් තිබෙනවා.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment