මේ සතියේත් පාසල් නිවාඩු  – ග්‍රාමීය පාසලුත් වැසේ

130

ඉන්ධන අර්බුදය උග්‍රවීම නිසා මේ සතියේත් (04 සිට 08 දක්වා) රජයේ හා රජයේ අනුමත සියලු පාසල් සඳහා නිවාඩු ලබාදී ඇත.

පසුගිය සති දෙකේ ග්‍රාමීය පාසල් විවෘත කර තැබීමට පියවර ගත්තත් එම පාසල්වලටත් මෙම සතියේ නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යක්‍ෂවරුන් සමඟ ඊයේ (03 දා) සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවේදී පසුගිය සති දෙක තුළ ඇතැම් පාසල් පැවැත්වුවද ඉන්ධන අර්බුදය හේතුවෙන් විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් පාසල් පැමිණීම සැලකිල්ලට ගෙන සැලකිය යුතු ප්‍රගතියක් ඉන් ලැබී නැති බවට පෙනී යෑම නිසා මේ සතිය තුළ පාසල් නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment