මේ සල්ලි රට වෙනුවෙන්  – ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා

136

ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන සියලුම ආදායම් රට තුළ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය තීරණය කර තිබෙන බව මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා පැවසීය.

 “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමා, ශම්මි සිල්වා මහතා අපි සමඟ සාකච්ඡා කරලා මේ ප්‍රවේශපත්‍රවලින් ලැබෙන සම්පූර්ණ ආදායම අපේ ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් ලබා දෙන්න තීරණය කළා. මේ ආදායමෙන් ලැබෙන සියලුම මුදල් අපි ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලබා දීමට කටයුතු කරනවා. මේ තරගාවලිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යතුමා අපිට ලොකු සහයෝගයක් ලබා දෙනවා” යැයි මොහාන් ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

 ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් ඉහත තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ගෙන තිබේ. මේ තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විතරක් නොවෙයි. මුළු රටටම වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඩොලර් මිලියන දෙකහමාරක් විතර ආදායමක් මේ තරගාවලිය හරහා අපිට ලැබෙනවා. ඒ මුදල් ඔක්කොම රට තුළ තමයි පරිහරණය වෙන්නේ” යැයි මොහාන් ද සිල්වා මහතා වැඩිදුරත් සඳහන් කර සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment