මේ සැරේ පරිස්සම් නොවුණොත් මරණය නිසැකයි – විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන

304

මෙවර පරිස්සම් නොවුණොත් මරණය නිසැකවම අත්වනු ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා පවසයි.

පවතින තත්ත්වය හමුවේ තම තමන් තුළ ස්වයං විනයක් ඇති කරගත යුතු බව පැවසූ වෛi ප‍්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

‘‘මේ පාර ප‍්‍රවේශම් නොවුණොත් ඔබට මරණය අත්වනවා නිසැකයි. රජයේ වැරැුද්දෙන් වුවත්, පී.එච්.අයි.ගේ වැරැුද්දෙන් වුවත්, බස් ඩ‍්‍රයිවර්ගේ වැරැුද්දෙන් වුවත් ලෙඬේ හැදුණොත් මැරෙන්නෙ අපි. ඒ නිසා තමන්ගේ වගකීම තමන් ආරක්ෂාව වීමයි.

මම අවුරුද්දක් වැක්සීන් එක නැතුව ලෙඬේ හදාගන්නෙ නැතුව හිටියා. මට අවුරුද්දක් ලෙඞ්ඩු එක්ක ඉඳලා පරිස්සම් වෙන්න පුළුවන් වුණා නම් ඔබට එය කරන්න පුළුවන්. හරියට මාර්ගෝපදේශ පිළිපදින්න ඔබට බේරෙන්න පුළුවන්….’’

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment