මේ හදන්නේ අරගලය මර්දනය කරන්න: සර්ව පාක්ෂික ආණ්ඩු එපා  

140

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්

සෑම දේශපාලන පක්ෂයකම සහාය ලබාගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීමට රජය උත්සාහ කරන්නේ අරගලය මර්දනය කිරීමට යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඊයේ පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වෙනවාට එරෙහිව පාර්ලිමේන්තුවේ දී ඡන්දය පාවිච්චි කළ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ සර්ව පාක්ෂික රජයකට දායක නොවන ලෙස යැයිද කුමාර් ගුණරත්නම් මහතා කීය.

අරගලයේ අභිලාෂයන් සමග සම්මුතියක් ඇති කර ගත් කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සර්ව පාක්ෂික රජයකට දායක නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද බව ද හෙතෙම පැවසීය.

ජනතාවගේ ප්‍රශ්න විසඳීමට වත්මන් ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැතැයි ද පැවසූ ගුණරත්නම් මහතා මෙම ආණ්ඩුවට මර්දනය හැර විකල්පයක් නැතැයි ද කීවේය.

රට අරාජික වන බව කියමින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ කරන්නේ අරගලය මර්දනය කිරීමේ ඒකායන අරමුණින් යැයිද හෙතෙම පැවසීය. කොළඹ දී ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment