ත්රිකුණාමලය සර්දාපුර මාර්ගයේ ඉකුත් නිදහස් දින උපන් හැටියේ බිළිඳකු දමාගොස් සිටියදී මාර්ගයේ ගමන්ගත් තරුණයකු දැක උප්පුවේලි පොලිසියේ ස්ථානාධිපතිවරයාට දැනුම් දී ඇති අතර පොලිසිය පැමිණ දරුවා රෝහල්ගත කර තිබේ.
දරුවා දින දෙකක් පමණ වයසැති බව පොලිසිය කියයි. උප්පුවේලි පොලිස් ස්ථානාධිපති කේ. එස්. ලලිත් කුමාර සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පො. පරීක්ෂිකා ටී. එච්. එන්. ජයමාලි යන මහත්ම මහත්මීන් භාරයේ දරුවා සිටි අවස්ථාව මෙහි දැක්වේ. උප්පුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සමන් මල්ලවආරච්චි – ත්රිකුණාමලය