මෛත‍්‍රිපාල පවුඩර් ගාගෙන ආවට මිනිස්සු ආයෙ රැවටෙන්නේ නෑ – හේෂා විතානගේ

162

අපි අද තෙල් නැවට සල්ලි ගෙවන්නේ චූන් පාන් වෑන් එක ආවට පස්සේ බනිස් ගත්තම සල්ලි දෙනවා වගේ. මෙහාට ආවම සල්ලි දීලා තමයි තෙල් ගන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (03 දා) පැවැති මාධ්‍ය හමුවේදී මන්තී‍්‍රවරයා එසේ කීවේය. ඔහු මෙසේ ද කියා සිටියේය.

දැන් මෛත‍්‍රිපාල මහත්තයා අපිටත් ආරාධනා කරනවා විපක්ෂ නායකයා ඇතුළු කණ්ඩායමට එන්න කියලා. අපි ඔය මහත්තයත් එක්ක දේශපාලනය කරලා තමයි මේ රටේ මේ වගේ නරක තැනකට තල්ලූ වුණේ. එදා තිබුණේ මෛත‍්‍රිපාල සිරිසේනට කොන්ද පණ නැතිකම. කොන්ද පණ නැති මෛත‍්‍රිපාල සිරිසේන ආපහු පවුඩර් ගාගෙන ආවට මේ රටේ ජනතාව ඔහු පිළිගන්න සූදානම් නෑ කියන කාරණාව අපි මතක් කරලා දෙනවා.

විදුලි, තෙල්, හැම තැනම රටේ අර්බුද. ඒත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට මේ රටේ මේ වෙන දේ මොකක්ද කියන එක ගැන අවබෝධ කරලා දෙන්න මිනිහෙක් නැහැ. මං දන්නේ නැහැ කවුද උපදෙස් දෙන්නේ කියලා. එහෙම නැත්නම් එතුමා දැනෙන්න ඕන මේ විදුලි අර්බුදය, තෙල් අර්බුදය හරහා නිර්මාණය වෙන්නේ මේ රටේ සමස්ත පද්ධතියේම ආර්ථිකය කඩා වැටෙන්න දෙයක් බව. එතුමා හිතන් ඉන්නවද දන්නෙ නැහැ ‘‘වාහනයට තෙල් ටික නැති වුණා, එච්චරයි ප‍්‍රශ්නේ’’ කියලා. නැහැ අද මේ රටට අපනයන ආදායමක් කියලා පොඞ්ඩක් හරි එන කර්මාන්තශාලා ටික වැහිලා යනවා. ඒ ටික පවත්වා ගෙන යන්න විදුලිය නෑ. අවශ්‍ය ඉන්ධන ටික නැහැ. ඒ වගේම මෝඩ තකතීරු තීන්දුවක් අරගෙන මේ රටේ අපනයන කෘෂිකර්මයට කණ කොකා හඬන තත්ත්වයට පත් කළා.

අද මේ කරගෙන යන වැඩසටහන නිසා අපේ රටට අපනයන ආදායම එන ක්ෂේත‍්‍ර සියල්ල වැහිලා.

අපි අද තෙල් නැවට සල්ලි ගෙවන්නේ චූන් පාන් වෑන් එක ආවට පස්සෙ බනිස් ගත්තම සල්ලි දෙනවා වගේ. තෙල් නැහැ මෙහාට ආවම සල්ලි දීලා තමයි තෙල් ගන්නේ. අපි දැක්කා ඊයේ ගම්මන්පිල මහත්තයා හරිම ප‍්‍රජාතන්ත‍්‍රවාදී, දේශපේ‍්‍රමී නායකයෙක් විදියට කතා කළා. අපි හිතනවා එතුමට මේක කරගන්න යන්න දෙන්නෙ නෑ කියලා. එහෙම නම් කරන්න තියෙන්නේ එළියට යන එක.

සමගි ජන බලවේගය වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික‍්‍රම මහතා ද මෙහිදී අදහස් දැක්විය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment