මෛත්‍රිපාල පාස්කු නඩුවේ සැකකරුවෙක් කෙරේ

391

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබන මස 14 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (16 වැනිදා) නියෝග කළේය.

2019.04.21 වැනිදා මුස්ලිම් අන්තවාදීන් විසින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා පාදයක් ඉවත් කරනු ලැබූ ජේසුරාජ් ගනේෂන් සහ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ගොනු කර තිබූ නඩුවක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෛත්‍රිපාල සිරිසේන මහතා එම නඩුවේ සැකකරුවකු ලෙස නම් කර එම නොතිසිය නිකුත් කළේය.

එවකට රටේ විධායක ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නොසැලකිල්ල නිසා එකී ප්‍රහාරය සිදු වී ඇති බවත් එබැවින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ ඔහුව එම නඩුවේ සැකකරුවකු ලෙස නම් කර නොතිසි නිකුත් කරන ලෙස පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කළ ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

පැමිණිලිකරුවන් වෙනුවෙන් නීතිඥ ශවින්ද්‍රි අර්සකුලරත්න, පුන්සි ගමගේ, තිලිණ පුංචිහේවා, උදාර මුහන්දිරම්ගේ, එරංග යකන්දාවල සහ සෙනාලි ප්‍රනාන්දු යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රිසෙන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment