මෛත්‍රීගේ ඇපෑල විභාගයට පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

288

පාස්කු ප්‍රහාර මාලාව වළක්වා නොගැනීමට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පෞද්ගලික නඩුව අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොනුකර ඇති අභියාචනාව විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඊයේ (23 දා) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම නඩුව ඊයේ (23 දා) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් හමුවේ කැඳවූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයා කළ එම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 26 වැනිදා නිකුත් කිරීමට විනිසුරු මඬුල්ල දින නියම කළේය. එම ඉල්ලීමට තමන් දැඩි විරුද්ධත්වය දක්වන බව මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා අධිකරණයට පැවසීය. 2019.04.21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වු ප්‍රහාරවලින් පාදයක් අහිමි වූ වින්දිතයකු හා සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා එම නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment