මෛත්‍රීගේ කැටය ශ්‍රීලනිපයේ අතට

144

පාස්කු ප්‍රහාරයට අදාළ නඩු තීන්දුව මත හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ගෙවීමට නියම කර තිබෙන රුපියල් කෝටි 10 ක වන්දි මුදල ශ්‍රීලනිප ශාඛා සමිති හරහා එකතුකර ගැනීම මේ වනවිටත් ආරම්භ කර ඇතැයි එජනිස මහ ලේකම් තිලංග සුමතිපාල මහතා පැවසීය.

මෙම මුදල් ප්‍රමාණය කෙලෙස හෝ එකතුකර ගන්නා බවත් එය එතරම් අසීරු නොවනු ඇති බවත් ඒ මහතා විශ්වාසය පළ කළේය. මෙම මුදල් ප්‍රමාණය එකතුකර ගැනීමට යම්කිසි කාලයක් තිබෙන බවත් විවිධ සංවිධාන හා විවිධ පුද්ගලයන් ද ඊට සහාය ලබාදීමට ඉදිරිපත්ව සිටින බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment