මෛත්‍රීගේ ප්‍රකාශයට එරෙහිව රතන හිමි සීඅයිඩී යයි

215

රෝයල් පාර්ක් ඝාතනයේ විත්තිකරුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශයකට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ඊයේ (23 දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළහ.

ජූඩ් ශාමන්ත ජයමහ නමැති විත්තිකරුට ජනාධිපති සමාව ලබාදී නිදහස් කර ගැනීම සඳහා මූලික වූ අය ඒ සඳහා මුදලක් ලබාගෙන ඇතැයි තමා සිතන බවට හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට අනුව එවැනි මුදල් ගනුදෙනුවක් සිදුව ඇති දැයි සොයා බලන ලෙස රතන හිමියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ගොනු කළ පැමිණිල්ල මගින් ඉල්ලා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment