මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුවේදී  ගොවි උද්ඝෝෂණයක්

122

ගොවීන් මුහුණපා සිටින ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් ගොවි උද්ඝෝෂණයක් හිටපු ජනාධිපති, පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03දා) පොලොන්නරුව නගරයේදී පැවැත්විණි.

වී අස්වනු නිසි සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට නොහැකිවීම, පොහොර, කෘෂි රසායන ඇතුළු යෙදවුම් මිල ඉහළ යෑම, නිසිකලට පොහොර නොලැබීම ආදිය හේතුවෙන් ගොවියා දැඩි අසීරුතාවකට පත්ව සිටින බව උද්ඝෝෂකයෝ එහිදී කියා සිටියහ. පොලොන්නරුව නාගරික වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිටදී මෙම විරෝධතාව පැවැත්විණි.

‘වී කිලෝවේ මිල රුපියල් 150ක් කරනු – වගා හානි වන්දි දියව් – නිසි කලට පොහොර දියව්’ ආදී සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පැවති මෙම සාමකාමී ගොවි උද්ඝෝෂණයට ගොවි ගෙවිලියන් 200කට ආසන්න පිරිසක් සහභාගී වී සිටි අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පොලොන්නරුව ආසන සංවිධායක, හිටපු ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේන මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ ශ්‍රී.ල.නි.ප. ක්‍රියාකාරීහු පිරිසක්ද එයට එක්ව සිටියහ.

කරුණාරත්න ගමගේ, අරලගංවිල – රොෂාන් තුෂාර තෙන්නකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment