මෛත‍්‍රීට නිලන්තට නඩු පැවරීමට  කිසිම පියවරක් ගෙන නෑ – ජාතික කතෝලික කමිටුව

261

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ පැහැර හැරීම පිළිබ`දව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනට හා රාජ්‍ය බුද්ධි සේවයේ ප‍්‍රධානියාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට සලකා බලන ලෙස ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව නිර්දේශ කර තිබුණද ඒ පිළිබ`දව කිසිදු පියවරක් නොගත් බවත් එම කොමිෂන් සභාව නිකුත් කළ ඉතිරි වෙළුම් තමන්ට වහාම ලබාදෙන ලෙසද පාස්කු ප‍්‍රහාරයට යුක්තිය ඉටුකර ගැනීම ස`දහා වන රදගුරුතුමන් හා නීතිඥයන්ගෙන් යුත් විශේෂ ජාතික කතෝලික කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා ඇත.

 පාස්කු ප‍්‍රහාරය පිළිබ`ද විමර්ශන කොමිෂන් සභාව අපරාධ නඩු පවරන ලෙස ඉල්ලා සිටි සියලූ නිලධාරීන්ට එරෙහිව පැවරෙන නඩු නිසියාකාරව සිදුනොවීමත් ඔවුන් සියලූ දෙනා මුදාහැරීමත් බොහෝදුරට සිදුවනු ඇති බවට තම කණස්සල්ල ප‍්‍රකාශ කරන බවත් එහි දැක්වේ. කොළඹ අගරදගුරු පදවි සහායක ජේ. ඞී. ඇන්තනි රදගුරුතුමන්, කතෝලික පැවිදි නිකායන්ගේ සම්මේලනයේ සභාපති රොෂාන් සිල්වා පියතුමා හා අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඞ් කිි‍්‍රෂාන්ත ප‍්‍රනාන්දු පියතුමා මෙම නිවේදනයට අත්සන් තබා තිබේ.

 එහි මෙසේද දැක්වේ.

 හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, කොළඹ මහාධිකරණයේ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නිදොස්කොට නිදහස් කිරීමේ තීන්දුව ප‍්‍රකාශ කිරීමට පෙර පටන් නීතිපති දෙපාර්තමේන්තුව මගින් ගොනු කරන ලද චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට රජය අසමත් වන නිසා මෙම චූදිතයන් නිදොස් කොට නිදහස් කිරීමේ වැඩි සම්භාවිතාවක් ඇතැයි නීති විශේෂඥයන් පෙන්වා දෙන බව පැවසෙන මාධ්‍ය වාර්තා බොහෝමයක් සංසරණය වෙමින් පැවැතිණි.

 අපරාධමය පැහැර හැරීම පිළිබඳව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනට සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව, අපරාධ නීතිය යටතේ නඩු පැවරීම පිළිබ`දව සලකා බලන්නැයි පෙර කී කොමිෂන් සභාව ඉතා ස්ථිරව සහ පැහැදිලිව නිර්දේශකොට තිබියදී පවා ඒ පිළිබ`දව සලකා බැලීමටවත් මේ දක්වා කිසිදු පියවරක් ගෙන නැත. පෙර ස`දහන් කළ පරීක්‍ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවෙහි හෙළිදරව් කොට ඇති පරිදි, ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවයේ, එකල අධ්‍යක්‍ෂව සිටි නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට සිදුවිය හැකි මෙම ප‍්‍රහාර පිළිබ`දව ඉන්දීය බුද්ධි ඒජන්සියක් මගින් 2019 අපේ‍්‍රල් 04, 2019 අපේ‍්‍රල් 05, 2019 අපේ‍්‍රල් 20 සහ නැවතත් අපේ‍්‍රල් 21 දින වශයෙන් සතරවතාවකදී සෘජු සහ සංවේදී තොරතුරු ලැබී ඇත. අප රටේ ආරක්‍ෂක අංශ වසර ගණනාවක පටන් සමීපව නිරීක්‍ෂණය කරන ලද ජාතික තව්හිද් ජමාත් සංවිධානය, එහි නායක සහරාන් හෂීම් සහ ඔහුගේ සගයින් සමඟ එම තොරතුරු සමීපව සම්බන්ධය.

 එසේ වුවත්, එවැනි තීරණාත්මක අවස්ථාවකදී වුවද එවැනි ආරක්‍ෂක අංශ කිසිවක් කිසිදු කතෝලික ක‍්‍රිස්තියානි දේවස්ථානයක හෝ ප‍්‍රහාර එල්ල කරන ලද හෝටල්වල ආරක්‍ෂාව තර කිරීමට කිසිම පියවරක් ගෙන නොතිබිණි. ඒ වෙනුවට හේමසිරි ප‍්‍රනාන්දුට සහ පූජිත් ජයසුන්දරට එරෙහිව, ඉහත ස`දහන් කොළඹ මහාධිකරණ ත‍්‍රිපුද්ගල අධිකරණයේදී ඔවුන් විසින් හසුරුවන ලද නඩුවේ රජයේ සාක්‍ෂිකරුවකු බවට ඉහත කී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත පත්කොට තිබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment