මෛත්‍රීලා විමල්ලා ඇමැති ධුර එපා කියති: හොඳ දේට සහාය!

331

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවේ ඇමැති ධුර භාර නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්‍ෂ 10 කණ්ඩායම තීරණය කර ඇත.

නව ආණ්ඩුවේ ඇමැති මණ්ඩලයට එක්වී සහයෝගය ලබාදීමට තම පක්‍ෂයට ආරාධනා ලැබුණු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. ශ්‍රීලනිපය බලාපොරොත්තු වන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කිරීම මගින් එය ප්‍රතික්ෂේප කර ඇතැයි ද සඳහන් කළේය.

තම කණ්ඩායම ඇමැති ධුර භාර නොගත්ත ද අලුතින් පිහිටුවන ආණ්ඩුව කඩාකප්පල් කිරීමට කටයුතු නොකරන බවත් ඔවුන් රටට යහපත් යෝජනා ඉදිරිපත් කළහොත් ඊට සහාය ලබාදෙන බවත් හිටපු ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය. එමෙන්ම රට අරාජික වීමට ඉඩ නොතබන බවද ඔහු කීවේය.

අනුර බාලසූරිය, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment