මෛත්‍රී පාර්ලිමේන්තුවේදී නඩුව කතා කරයි

299

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව ලද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳව හිටපු ජනාධිපතිවරයා ඉදිරි පාර්ලිමේන්තු සතියේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත.

එම ප්‍රහාරය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව එල්ල වූ විවිධ චෝදනා සහ ලැබුණු නඩු තීන්දුව පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මානසික වශයෙන් වැටෙන්නේ නැතැයිද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය.

කෙසේ වෙතත් මෙම නඩු තීන්දුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුරවැසිභාවය මෙන්ම දේශපාලන නිදහස අහිමිවී නැතැයිද හෙතෙම කීවේය.

මෙම නඩු තීන්දුවෙන් පසු ඔහු මෙන්ම සෙසු අය ගෙවිය යුතු වන්දිමුදල ගැන කණගාටුවෙන බවද, කෙසේ වෙතත් මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි පාර්ලිමේන්තු රැස්වීමේදී මේ ගැන ප්‍රකාශයක් කරන බවද හෙතෙම කීවේය. මේ අතර නඩු තීන්දුවට හිසනමා කටයුතු කිරීමටත් මාස හයක් ඇතුළත ගෙවීමට ඇති එම මුදල් ප්‍රමාණය ලබාදීමටත් අවශ්‍ය පියවර ගැනීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි නිදහස් පක්‍ෂයේ ආරංචිමාර්ග සඳහන් කළේය.

නෝමන් පලිහවඩන – අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment