මෛතී‍්‍රගේ කතාව හිර වීම ගැන පරීක්‍ෂණයක් ඉල්ලයි

346

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ 70 වැනි සංවත්සරයේදී පක්ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ‘දදප තාක්ෂණය ඔස්සේ කළ කතාව හදිසියේ ක‍්‍රියා විරහිත වීම තාක්ෂණික දෝෂයක් ද නැතිනම් කඩාකප්පල්කාරී කුමන්ත‍්‍රණයක් ද යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන් පිරිසක් ඉල්ලීමක් කර ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දෙවැනිදා කළ කතාව සිය නිවසේ සිට ‘දදප තාක්ෂණය ඔස්සේ, නිදහස් පක්ෂ නිල මුහුණු පොතෙන්, ඔහුගේ පෞද්ගලික මුහුණු පොතෙන් සහ පාර්ලිමේන්තු කණ්ඩායම් නිල මුහුණු පොත හරහා විකාශනය කිරීමට සැලසුම් කර තිබුණි.

එහෙත් හිටපු ජනාධිපතිවරයාගේ කතාව මුල හරියේදීම විසන්ධි වී යෑමත්, 250ක් පමණ වන ආසන සංවිධායකවරුන්ට තාක්ෂණයෙන් සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබුණ ද ඉන් සිය දෙනෙකුට පමණක් සම්බන්ධ කිරීමට පියවර ගැනීමත් නිසා සංවිධායකවරුන්ගේ දැඩි දෝෂාරෝපණ එල්ල වී ඇත.

එම නිසා නැවත මෙවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා මෙය තාක්ෂණික දෝෂයක් ද එසේ නොමැති නම් මෙය කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් ද යන්න සොයා බලන ලෙස එම ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන් පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇති බව ද එම අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment