මෛතී‍්‍රගේ ෆයිල් 7 ක් මා ළඟ: බොරු නම් විවාදයකට එන්න – රවි කරුණානායක

217

හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සම්බන්ධ ෆයිල් හතක් පිළිබඳව තොරතුරු තමා ළඟ ඇති බවත් ඒවායේ තොරතුරු අසත්‍ය නම් තමා හා විවාදයකට එන්නැයි හිටපු ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (11 දා) කොළඹදී ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් කැඳවමින් සඳහන් කළේය.

2014 නොවැම්බර් මාසයේ මුල සහ දෙසැම්බර් මාසයේ අග මෙරට ගිණුමකට ආ ඩොලර් ලක්‍ෂ ගණනක් නිසා ලොකු ප‍්‍රශ්නයක් ඇති වූ බවද මෙහිදී රවි කරුණානායක මහතා පෙන්වා දුන්නේය. එය මහ බැංකුවට ලොකු ප‍්‍රශ්නයක් වූ බවද හෙතෙම සඳහන් කළේය. යම් අයකුගේ ගිණුමකට ඇමරිකන් ඩොලර් 15000 කට වැඩි ප‍්‍රමාණයක් ආවොත් එය ඇප නැතිව බන්ධනාගාරගත විය හැකි ප‍්‍රශ්නයක් බවද මෙහිදී රවි කරුණානායක මහතා කියා සිටියේය. ශීලාචාර සමාජයක් හැදීමට යහපාලනය ගෙනා බව අමතක නොකළ යුතු බව ද රවි කරුණානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

තමා ඉදිරිපත් කර ඇති ෆයිල් මගින් මත්පැන් බලපත‍්‍රයක් ලබාදීම, ටෙන්ඩර් කැඳවීමකින් තොරව විදුලි බලශක්ති ව්‍යාපෘතියකට අවසර ලබාදීමට තැත් කිරීම, යකඩ කර්මාන්ත ශාලාවකට බදු සහන ලබාදීමට ගත් උත්සාහයක්, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට වෙඩි නොවදින වාහනයක් අලූත්වැඩියා කර ලබා නොදීම පිළිබඳ ප‍්‍රශ්නයක් ගැන ද ඇතුළත් බවද රවි කරුණානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

එහිදී රවි කරුණානායක මහතා මෙසේද සඳහන් කළේය.

කොහේවත් නැතිව සිටි මෛති‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ගෙනැවිත් එජාපයේ සාරවත් ඡුන්දවලින් ජනාධිපති වුණා. ඔහුට ඒක අමතක වුණාට අපට අමතක නැහැ. එතුමාට ආරක්‍ෂාව භාර දීලා තිබියදී රටේ ආරක්‍ෂාව නැති කළා. පාස්කු ප‍්‍රහාරයට ඉඩදී ජීවිත රැුසක විනාශයට පාර කැපුවා. දැන් සුදනෙක් වගේ හැසිරෙන්න හදනකොට අපේ යුතුකමක් තියෙනවා ඒක පෙන්වලා දෙන්න.

හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මෑතකදී දේශපාලන වශයෙන් කි‍්‍රයාකාරී වෙලා තියෙනවා. ඒක අපට ප‍්‍රශ්නයක් නොවෙයි. නමුත් ඔහුට අන් අයගේ කීර්තිනාමය විනාශ කිරීමට හෝ අපි එදා සිට ආරක්‍ෂා කළ එක්සත් ජාතික පක්‍ෂය විනාශ කරන්න දෙන්න බැහැ. අපි ඒකට ඉඩ දෙන්නෙත් නැහැ. ජනාධිපති ධුරය ලබාගන්න ඕනෑ දවස් සියයකට පමණයි කියලයි ජනතාවට පොරොන්දුවක් දුන්නේ. එවැනි විවෘත අදහසකිනුයි අපි දේශපාලනයට ආවේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා අලූත් දේශපාලන සංස්කෘතියක් ඇතිකරන්න. සිවිල් සංවිධාන දහස් ගණනක් එකතු වුණේ මේ දේ ඉටුකරන්නයි. ඒ දේවල් මතක් කිරීම අපේ කාර්යභාරයක්. නැතිනම් ජනතාවට වැරදි වැටහීමක් ඇතිවෙනවා. අප පවිත‍්‍ර චේතනාවෙන් කරපු දේවල්වලින් අද අනිසි ප‍්‍රයෝජන ගන්න හදනවා. අපට තියෙන වේදනාව එක්සත් ජාතික පක්‍ෂය නැති කිරීමයි.

එතුමා දේශපාලන චරිත ඝාතනය කළා මට එහෙම කරන්න වුවමනාවක් නැහැ. මා ළඟ ෆයිල් හතක් තියෙනවා. මම ඒවා දැනට ප‍්‍රසිද්ධ කරන්නේ නැහැ. නමුත් මේවා අසත්‍ය නම් මා සමග විවාදයකට එන්න කියා අභියෝග කරනවා.

වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment