මෛතී‍්‍රපාල පාපොච්චාරණයක

370

2015 රජය සමයේදී එවකට අගමැතිවරයා ඇතුළු ඔහුගේ පක්ෂයේ ඇමතිවරුන්ගේ ක‍්‍රියා කලාප නිසා එම පාලනය කරගෙන යෑමට නොහැකි වුණා. විපක්ෂය සහ ආංඩුවද නැතිව තමාට ජනාධිපතිධුරයේ කටයුතු කිරිමට සිදු වු බවත් එහෙම තිබියදීත් රට හිගමනට වැටුණුණේ නැහැ .පොලිම් නැහැ යැයි හිටපු ජනාදිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කියයි.
රත්නපුරයේදී ඊයේ (11) පැවැති පක්ෂ සමුලුවකදී මෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

2015 ආංඩුව පිහිටවු පළමු සතියේ සිටම ප‍්‍රශ්න තිබුණා . ඒවා රනිල් වික‍්‍රමසිංහ මහතාත් මමත් අතර තිබු පුද්ගලික ප‍්‍රශ්න නොවේ.ප‍්‍රතිපත්තිමය ප‍්‍රශ්නයි.කොච්චර ප‍්‍රශ්න තිඹුණත් එදා රට මේ තරම් අමාරුවකට දැම්මේ නැහැ .මේ වාගේ පෝලිම් තිබුණේ නැහැ මේ වාගේ නින්දා අපහාස තිඹුණේ නැහැ . මම ජනාධිපති කාලයේදී මට සමාජ මාධ්‍ය වලින් ඇතිවෙනකම් ගැහැව්වා.මට සෙවලයා කිව්වා.ග‍්‍රාම සේවක කිව්වා. මම ඒවා උපේක්ෂාවෙන් ඉවසාගෙන සිටියා. අද වාගේ දරුණු තත්ත්වයකට මට ගැහැව්වේ නැහැ .

රාජ්‍ය ත‍්‍රාන්ත‍්‍රික සබදතා අපි ව්ශ්වාසනිය ලෙස ගොඩ නගා ගත්තා.අපිට මතකයි එක්සත් ජාතින්ගේ මහා කොම්සාරිස්වරිය එනවිට ඇමති කෙනෙක් එම කාර්‍යාලය ඉදිරිපිට උපවාස කළා.රටේ නායකයා ගිහින් තැබිලි පෙව්වා. මෙහෙම තමයි එදා කටයුතු කළේ.මම ජනාධිපති ලෙස ජාත්‍යන්තර සබදතා වර්ධනය කර ගත්තා යහපත් ආකාරයට . මගේ දේශපාලන ජිවිතයට අවුරුදු 54ක් වෙනවා.අපි ඉගෙන ගන්න සහ ඉගෙන ගතයුතු ම්නිස්සු . අපි අලූ‍ත් ගමනක් යායුතුයි . මේ රටේ මෙතක් පැවති සාම්ප‍්‍රදායික ආංඩුවලින් තොරව යන ගමනක් සදහා මුලික පදනමයි මේ.

සම්පූර්ණ කතාව හෙට (13) දිවයින බලන්න

advertistmentadvertistment
advertistmentadvertistment