මෛත‍්‍රිපාලගේ දෙබිඩි ප‍්‍රතිපත්තිය ඇවිදින මංතීරුවෙන් එළියට – පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

208

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ දෙබිඩි ප‍්‍රතිපත්තිය පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ රළපනාව ආශ‍්‍රිතව ඉදි කිරීමට යෝජිත ඇවිදින මංතීරුව ඉදිකිරීම සම්බන්ධයෙන් මැදිහත්වන අයුරු දුටු විට ප‍්‍රත්‍යක්ෂ වන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

මෙම ඉදිකිරීම හේතුවෙන් වැව සංරක්ෂණය වන අතර එය අගය කළ හැකි කටයුත්තක් බවත් හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තමන් සමඟ දුරකථනයෙන් කතාකර මෙය අගය කළ බවත් හෙතෙම ප‍්‍රකාශ කළේය. හිටපු ජනපතිවරයා තමන් සමඟ එලෙස මෙයට පක්ෂව කතා කළත් විරෝධතාව දක්වන ජනතාව අතරට ගොස් එතුමා ජනතාවට පක්ෂව කතා කරන බවක් දක්නට ලැබෙන බවත් කී අමාත්‍යවරයා මෙය බරපතළ ගැටලූවක් බවත් පැවසුවේය.

මහනුවර ඓතිහාසික ආදාහන මළුව විහාරස්ථානයට පෙරේදා (20දා) පස්වරුවේ ගොස්  අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඩරුවේ උපාලි නාහිමියෝ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදී අමාත්‍යවරයා මෙලෙස කීය.

ඇවිදින මංතීරුව ඉදි කිරීම සම්බන්ධයෙන් මතුව තිබෙන විරෝධතාව පසුපස තිබෙන්නේ දේශපාලනින ගැටලූවක් බවත් මෙමඟින් වැවට ආරක්ෂාවක් මිස කිසිදු හානියක් නොවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සියලූ ආයතන සහතික කර තිබෙන බවත් හෙතම කීය.

මෙය හිතුවක්කාරී ලෙස ඉදිකිරීමේ කිසිදු වුවමනාවක් නොමැති බවත් සාකච්ඡුා මගින් සැලසුමට සංශෝධන ඉදිරිපත් කිරීමට අවකාශ තිබෙන බවත් ඒ මහතා කීය.

සමන්තී විරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment