මෛත‍්‍රීපාල සිරිසේන කිසිම ප‍්‍රතිපත්තියක් නැති අයෙක් – රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත

334

හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන යනු කිසිම ප‍්‍රතිපත්තියක් නැති අයෙක් බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

කශේරුකාවක් තිබෙනවනන් කශේරුකාවක් තියනව කියල පෙන්විය යුතු බවත් ඒ ස`දහා බෝක්කු වල පාලම් වල කතා නොකොට ආණ්ඩුවේ කණ්ඩායම් රැස්වීම්වලදී කෙළින් කතා කළයුතු බවත් සඳහන් කළේය.

ඉන්න අයට ඉන්න පුලූවන් යන අයට යන්නත් පුලූවන් හෙයින් ආණ්ඩුව තුළ සිටම ආණ්ඩුවට එරෙහිව කුමන්ත‍්‍රණ නොකොට සාකච්ඡා මාර්ගයෙන් කෙළින් තීරණයක් ගත යුතු බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය. එමෙන්ම ඉදිරි වසර තුනක කාලය ඉතා වැදගත් බවත් ජනතාවගේ

බලාපොරොත්තු ඉටු කිරීමට වැඩ කරනවා මිසක එක එක්කෙනාගේ පදනම් විරහිත විවේචන, චෝදනා, ප‍්‍රකාශ වෙනුවෙන් විනාශ කරන්න කාලයක් නොමැති බවත් පැවසීය.

එමෙන්ම විපක්ෂය සන්ධාන සෑදීම පිළිබඳවද අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ විපක්ෂය කුමන සන්ධාන සෑදුවද විපක්ෂයේ පිරිස පිළිබඳව බුද්ධිමත් ජනතාව හොඳින් අවබෝධ කරගෙන අති බවත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් එම සන්ධාන හැදෙන්නේ නම් එයට ආශිර්වාද කරන බවත් ය. එමෙන්ම ආණ්ඩුව සිදුකරන දේවල් වැරදිනම් පදනම් විරහිත චෝදනා නොකට අදාල චෝදනාවට විකල්ප ඉදිරිපත් කරන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බැව් පැවසූවේ ඉකුත් 13 වැනිදා බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ‍්‍රයේද

advertistmentadvertistment
advertistmentadvertistment