මොකක්ද මේ විකාරය කියලා මහරගම සිසුවියන්ගේ ගවුම්වල හැට්ට කටු ගළවලා!

2474

කොවිඩ් වසංගතය නිසා පාසල් අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ නතර වී තිබිණි.

කෙසේ හෝ ඊයේ පෙරේදා සිට රටේ සියලූ පාසල්වල පන්ති සුපුරුදු පරිදි ආරම්භ කෙරිණි.

මේ කියන පාසල පිහිටා ඇත්තේ මහරගම ය. එය ප‍්‍රසිද්ධ බාලිකා පාසලකි.

වසර දෙකක් පමණ තිස්සේ ගෙවල්වලට කොටුව සිටි දරුවන් පාසල්වලට ගියේ පරණ සුදු ඇඳුමක් ඇඟලාගෙනය.

මේ කියන විදුහලට එහි තවත් දැරියන් පිරිසක් පැමිණ තිබිණි. පාසල් නොගිය කාලය තුළ සමහර සිසු දැරිවියන්ගේ සිරුරු තරමක් වැඩී තිබිණි. එහෙත් අලූත් ඇඳුම් මසා දෙන්නට දෙමව්පියන්ට කාලවේලාව මෙන්ම වත්කමක් ද නැත. කාටත් ඇත්තේ ආර්ථික අමාරුකම්ය. අනෙක් පැත්තෙන් කොරෝනාවෙන් ජීවිත ද බේරා ගත්තේ දුක් ගැහැට මැදය.

‘‘මොකක්ද මේ කටු ගහගෙන ගළවනවා…’’ කියා පාසල් ශිෂ්‍ය නායිකාවගේ අණ කි‍්‍රයාත්මක විණි. ඔවුනගේ ඇඳුම්වල ගසා තිබූ හැට්ට කටු ගැළවිණි. සිසුවියන් අපහසුතාවට පත්ව සිටියහ. ඔවුනගේ දෑසින් කඳුළු නැගිණි.

‘‘අම්මේ… ආපහු ඉස්කෝලෙ යන්න බෑ…’’ ඇතමෙකු නිවසට විත් හඬන්නට පටන් ගත්තේ සිදුවූ ඇබැද්දිය පවසමිනි.

විනය අවශ්‍යය. විනය වනයක් වන තැනට වැඩ කෙරෙනකම් ඇදුරු තුමන්ලා බලා සිටියේද? ඒ අනුව මේ පුංචි දැරියගේ සිත පෑරිණි. ඇගේ දෑසට නැඟුණේ කඳුළු ය.

‘අම්මේ… මට ආයේ ඉස්කෝලේ යන්න බෑ’ දැරියක නිවසට පැමිණ හඬන්නට ගත්තේ පාසලේ දී සිද්ධ වූ දේ කියමිනි.

‘අනේ ඇත්තටම මුන්ට පිස්සු. අපිට කන්න බොන්නත් සල්ලි නෑ. ඒ මදිවට විනය’ මවක කීවේ දුව අස්වසාලමිනි.

‘පාට ඇඳුම් ඇඳන් පාසල් ආවත් කමක් නෑ’ කියලා කියපු කතා දැන් කෝ.

  • – පේ‍්‍රම්
advertistmentadvertistment
advertistmentadvertistment