මොට ආයුධයකින් හිසට පහරදී බිරිඳ ඝාතනය කරලා… බාල්කයක එල්ලෙමින් තිබූ සැමියාගේ සිරුර පොලිසිය සොයාගනී

574

මියගිය සැමියා පියාට සහ සහෝදරියට ලිපි දෙකක් ලියලා

හිසට පහරදී ඝාතනය කළ බවට සැකකරන රූමත් විවාහක කාන්තාවගේ සිරුර නිවසේ මෙට්ටයක් මත තිබියදීත්, සැමියාගේ සිරුර නිවසෙහි බාල්කයක එල්ලෙමින් තිබියදීත් සොයාගත් බව කැස්බෑව පොලිසිය කියයි.

මොට ආයුධයකින් හිසට පහරදී බිරිඳ ඝාතනය කරලා... බාල්කයක එල්ලෙමින් තිබූ සැමියාගේ සිරුර පොලිසිය සොයාගනී

මෙලෙස මළ සිරුරු හමුවී ඇත්තේ කැස්බෑව, බටුවන්දර ප‍්‍රදේශයේ නිවසක පදිංචිව සිටි සුසන්ත කන්දගේ (39) හා ඔහුගේ බිරිඳ වන පියුම් මධුෂිකා ලියනවඩු (28) යන අඹුසැමියන්ගේය. මියගොස් සිටි සැමියා විසින් පියාට සහ සහෝදරියට ලියන ලද ලිපි දෙකක් හමු වූ බව පොලිසිය කියයි. ඝාතනයට ලක් වූ බවට සැක කරන රූමත් කාන්තාවගේ මළ සිරුරු නිවසේ කාමරයක බිම දමන ලද මෙට්ටයක් මත තිබියදී සොයා ගැනුනු අතර ඇයගේ හිසට යම් මොට ආයුධයකින් පහර දීමේ සලකුණු දක්නට ලැබුණු බවත් හිසෙන් දැඩි ලෙස රුධිරය වහනය වී තිබූ බවත් පොලිසිය කියයි. සැමියාගේ සිරුර නිවසේ සාලයේ එල්ලෙමින් තිබියදී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. රූමත් කාන්තාවගේ ඝාතනය සැමියා විසින් සිදුකළ බවට බොහෝදුරට සැක කළ හැකි යැයි පොලිස් නිලධාරියකු පැවැසීය. සිය සහෝදරයාගේ සිරුර නිවසේ බාල්කයේ එල්ලෙමින් තිබෙන දුටු සහෝදරියක විසින් පොලිසියට කළ දැනුම්දීමක් අනුව මළ සිරුරු සොයාගෙන ඇත.

මෙම යුවළ මීට වසර තුනහමාරකට පමණ ඉහතදී විවාහ වී ඇති බව පොලිසිය කියයි. කැස්බැව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාලින්ද අබේරත්න මහතාගේ

උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති අසේල ප‍්‍රසාද් සෙනෙවිරත්න මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment