‘මොඩ්ගොවියා’ වාරණය 12 දා තෙක් දික් වෙයි

209

‘ජය ශී‍්‍ර’ සංගීත කණ්ඩායම විසින් ගායනා කළ ‘මොඞ් ගොවියා’ ගීතය ඇතුළු එම සංගීත කණ්ඩායමේ ජනපි‍්‍රය ගීත 20ක් ගායනා කිරීම, ප‍්‍රවර්ධනය කිරීම, අලෙවි කිරීම සහ අන්තර්ජාලය වෙත මුදාහැරීම වළක්වමින් නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 12 දා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ඒ. එම්. මරික්කාල් මහතා ඊයේ (31 දා* නියෝග කළේය.

එම ගීත රචනා කර තනු නිර්මාණය කළ ජය ශී‍්‍ර සංගීත කණ්ඩායමේ සාමාජිකයකු වන අරුණ ලියාන් මහතා විසින් බුද්ධිමය දේපළ පනත යටතේ ගොනුකර තිබූ නඩුවක් සලකා බැලූ කොළඹ වාණිජ මහාධිකරණය එම සංගීත කණ්ඩායමේ සෙසු සාමාජිකයන් වන රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන දෙදෙනා වෙත පසුගිය 17 දා එම වාරණය නිකුත් කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment