‘මොඩ් ගොවියා’ ‘ජය ශ‍්‍රී’ ගීත 20 කට 31 දා තෙක් වාරණයක්

445

‘‘ජය ශ‍්‍රී’’ සංගීත කණ්ඩායම විසින් ගායනා කළ ‘‘මොඞ් ගොවියා’’ ගීතය ඇතුළු එම සංගීත කණ්ඩායමේ ජනප‍්‍රිය ගීත 20 ක් ගායනා කිරීම, ප‍්‍රවර්ධනය කිරීම, අලෙවි කිරීම සහ අන්තර්ජාලය වෙත මුදාහැරීම ලබන 31 දා දක්වා වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා ඊයේ (17 දා) වාරණ නියෝගයක් නිකුත් කළේය.

එම ගීත රචනා කර තනු නිර්මාණය කළ ‘‘ජය ශී‍්‍ර’’ සංගීත කණ්ඩායමේ සාමාජිකයකු වන අරුණ ලියාන් මහතා විසින් බුද්ධිමය දේපළ පනත යටතේ ගොනුකර තිබූ නඩුවක් සලකා බැලූ විනිසුරුවරයා එම සංගීත කණ්ඩායමේ සෙසු සාමාජිකයින් වන රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන දෙදෙනා වෙත එම වාරණ නියෝගය නිකුත් කළේය.

තමන් හා වගඋත්තරකරුවන් දෙදෙනා එම සංගීත කණ්ඩායම ආරම්භ කළ බවත් වගඋත්තරකරුවන් දෙදෙනා පමණක් එම ගීත ගායනා කිරීම මගින් තමන්ගේ සම ……. අයිතිය උල්ලංඝනය වී ඇති බව පවසමින් ගොනුකර තිබූ එම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන දෙදෙනාට ලබන 31 දා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා විනිසුරුවරයා එහිදී නොතීසි යැවීමට ද නියෝග කළේය.

නීතිඥ රකිත රාජපක්‍ෂ, නීතිඥ සඳුන් සේනාධිපති යන මහත්වරුන් සම`ග ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment