මොනරාගලත් රත්තරන් තරුණයෙක්

445

මොනරාගල නගරයේ වෙළෙඳසැලක් ඉදිරිපිට පදික වේදිකාවේ වැටී තිබියදී තරුණයකුට හමුවූ රන් ආභරණ සහිත පාර්සලයක් ඔහු විසින් ඉකුත් (21) වෙනිදා සවස මොනරාගල පොලිසියට භාරදී ඇත.

පවුම් හතරහමාරක් බරැති රන්මාල දෙකක්, පෙන්ඩනයක් සහ මුද්දක් එම පාර්සලයේ තිබී ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ හතහමාරක් පමණ වේ.

මොනරාගල නගරයේ පුද්ගලික මුල්‍ය ආයතනයක සේවයකරන මොනරාගල ගලබැද්ද පදිංචි කේ. එම්. ලක්මාල් දයාරත්න මහතා විසින් තමන්ට හමුවූ එම රන්ආභරණ සහිත පාර්සලය හිමිකරුට ලබාදෙන ලෙස ඉල්ලමින් මොනරාගල පොලිසියේ පොලිස් සැරයන් (43362) ඉස්මයිල් මහතාට භාරදෙන ලදී.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment