මොනරාගල මහ රෝහලේ දන්ත සායන බෙහෙත් නැතිව නවතී

95

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ දන්ත ප්‍රතිකාර සායනයට අවශ්‍ය බෙහෙත් වර්ග නොමැතිවීම නිසා සේවාවන් සැපයීම අඩපණ වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දත් ගැලවීමට සහ සුළු ශල්‍යකර්ම කිරීමට පෙර හිරිවැට්ටීම සඳහා යොදාගන්නා (Lignocain) නමැති ඖෂධය නොමැතිවීම නිසා සේවාවන් ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර නොගෙන හිස් අතින් ආපසු යාමට සිදුවී ඇත.

මේ පිළිබඳ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය අධිකාරී ධනපාල රත්නායක මහතාගෙන් කළ විමසුමකදී මෙසේ කීය, දන්ත සායනයට අවශ්‍ය බෙහෙත් වර්ග බොහොමයක් නැහැ. අවශ්‍ය බෙහෙත් ඇනවුම්කර තිබුණත් ඒවා ලැබී නැහැ. විශේෂයෙන් නරක් වූ දත් ගැලවීමට පෙර හිරිවැට්ටීම සඳහා යොදාගන්නා බෙහෙත් නොමැතිවීම නිසා රෝගීන් ආපසු යැවීමට සිදුවී තිබෙනවා. අදාල බෙහෙත් ලැබීමෙන් පසු සේවාවන් යථා තත්වයට පත්කිරීමට කටයුතු කරනවා.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment