මොනාලිසා අද සිට තිරගත වේ

389

එරංග සේනාරත්නගේ නවතම සිනමා කෘතිය මොනාලිසා අද සිට 18 එම්.පී.අයි. සිනමා මණ්ඩලයේ සිනමා ශාලා ඇතුළුව දිවයින පුරා සිනමාශාලා රැසකදී තිරගත වේ.

පාලනය කළ නොහැකි වූ කෝපය හේතුවෙන් තමන් අතින් සිදු නොවිය යුතු හා විසඳිය නොහැකි වරදක් සිදු වූවා යැයි පශ්චාත්තාප වන කල්පනා නම් තරුණිය සිය දිවි නසා

මොනාලිසා අද සිට තිරගත වේ

ගැනීමට යොමු කරවීම දක්වා උමතුවෙන් මෙන් රැගෙන යන උද්වේගකර හා සංකීර්ණාත්මක සිදුවීම් මාලාවක් පදනම් කර ගනිමින් මොනාලිසා නිර්මාණය වී ඇත. බුද්ධික ජයරත්න, අමිල කරුණානායක, මධුශානි වික‍්‍රමසිංහ, සුලෝචනා වීරසිංහ, සුසංග කහඳවලආරච්චි, කුසුම් පෙරේරා, රින්ස්ලි වීරරත්න ඇතුළු රංගන ශිල්පීන්

රැසක් මොනාලිසා රංගනයෙන් හැඩ කර ඇත.

මොනාලිසා අද සිට තිරගත වේ

මොනාලිසා සිනමාපටයට කැමරාකරණයෙන් උපුල් ප‍්‍රියාන්, නැටුම් අධ්‍යක්ෂණයෙන් සංඛ ප‍්‍රසාද්, අංග රචනයෙන් ජනාදර අලූත්ගම ද, කලා අධ්‍යක්ෂණයෙන් චාපා පෙරේරා සමගින් නුවන් බුද්ධික ද, සංගීත අධ්‍යක්ෂණයෙන් එන්.එම්.ජේ. වසයිලාවෝ ද,

ගායනයෙන් සූර්යා දයාරුවන්, භාෂි මධුභාෂිනී සමගින් එන්.එම්.ජේ. වසයිලාවෝ ද එක්වී ඇත. මොනාලිසා, යායූ එන්ටර්ටේන්ට්මන් වෙනුවෙන් නිශාන්ත ගල්හේන සමඟින් චම්පික ද සිල්වා විසින් නිෂ්පාදනය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment