‘මොනාලිසා’ විකල්ප තිරගත කිරීමකට සූදානම්….

412

ප‍්‍රවීණ ටෙලි නාට්‍ය සහ චිත‍්‍රපට අධ්‍යක්ෂ එරංග සේනාරත්න තිර පිටපත ලියමින් අධ්‍යක්ෂණය කළ ඔහුගේ නවතම සිනමා නිර්මාණය වූ ‘මොනාලිසා’ විකල්ප සිනමා බෙදාහැරීමක් ලෙසින් ළඟදීම තිරගත වීමට නියමිතව ඇත. කල්පනා නම් වූ නව යොවුන් යුවතියකගේ හදිසි කෝපය හේතුවෙන් සිදුවන වරදක්, ඇය සිය දිවි නසා ගැනීමට යොමු කරවීම දක්වා රැුගෙන යන උද්වේගකර සිදුවීම් මාලාවක් පසුබිම් කර ගනිමින් ‘මොනාලිසා’ නිර්මාණය වී ඇත.

'මොනාලිසා' විකල්ප තිරගත කිරීමකට සූදානම්....

බුද්ධික ජයරත්න, අමිල කරුණානායක, මධුෂාණි වික‍්‍රමසිංහ, සුලෝචනා වීරසිංහ, සුසංග කහඳවලආරච්චි, කුසුම් පෙරේරා, රින්ස්ලි වීරරත්න ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් ‘මොනාලිසා’ හැඩ කරන අතර කැමරා සහ ආලෝකකරණයෙන් උපුල් ප‍්‍රියාන්, කලා අධ්‍යක්ෂණයෙන් නුවන් බුද්ධික ලියනවඩු සමගින් චාපා පෙරේරා ද අංග රචනයෙන් හා කොණ්ඩා මෝස්තර නිර්මාණයෙන් ජනාදර අළුත්ගම ද සහය අධ්‍යක්ෂණයෙන් ගයාන් මහගලගේ, සංස්කරණයෙන් අනූෂ සංජීව ජයවර්ධන, විධායක නිෂ්පාදනයෙන් ඩිලාන් ජගත්, නිෂ්පාදන කළමනාකරණයෙන් රෝලන් ද සිල්වාත්, සංගීත අධ්‍යක්ෂණයෙන් එන් .එම්. ජේ. වසයිලාවෝ, ගී පද රචනයෙන් ඩිනලි රොශාන්ති සේනාරත්න හා ගායනයෙන් සූර්යා දයාරුවන්, එන්. එම්.ජේ.වසයිලාවෝ සමගින් භාෂි මධුභාෂිණි දායකව ඇත. යායු එන්ටර්ටේන්ට්මන් වෙනුවෙන් නිශාන්ත ගල්හේන සමගින් චම්පික ද සිල්වා ‘මොනාලිසා’ නිෂ්පාදනය කර ඇත.

'මොනාලිසා' විකල්ප තිරගත කිරීමකට සූදානම්....
  • තිස්ස
advertistmentadvertistment
advertistmentadvertistment