‘මොනාලිසා’  හැදුවේ විකල්ප  ප‍්‍රදර්ශන ක‍්‍රමයක්  හිතේ තියාගෙන – එරංග සේනාරත්න

401

සුර යහන ගිනි ගනී සිනමාපටයෙන් චිත‍්‍රපට අධ්‍යක්ෂණයට අත් පොත් තබන එරංග සේනාරත්නගේ නවතම සිනමා පටය ‘‘මොනාලිසා’’ මේ දිනවල එම්.පී.එල්. බෙදාහැරීමක් ලෙස දිවයින පුරා පිහිටි සිනමා ශාලා කිහිපයක ප‍්‍රදර්ශනය වේ. ලංකාවේ සිනමා කර්මාන්තය අර්බුදයකට මුහුණ දී ඇති සමයක විකල්ප සිනමා ප‍්‍රදර්ශනයක් ඉලක්ක කරමින් මොනාලිසා නිර්මාණය කළ බව කියන එරංග සේනාරත්න මොනාලිසා තිර පිටපත ලිවීමට හේතු වූයේ ඇයිද යන්න පහදමින් ඔහුගේ නව නිර්මාණය ගැන කතා කළේය.

‘මොනාලිසා’  හැදුවේ විකල්ප  ප‍්‍රදර්ශන ක‍්‍රමයක්  හිතේ තියාගෙන - එරංග සේනාරත්න

මේ චිත‍්‍රපටයට පසුබිම් වෙන කතාවේ මූලික අදහස මගේ හිතට ආවේ ගිය වසරේ ලොක් ඩවුන් එකත් එක්ක. අනියම් සම්බන්ධතා නිසා සිය දිවි නසා ගන්නා තරුණ තරුණියන් ගැන නිතර පුවත් දැක්කා. මමත් දන්න කියන එක්තරා සිද්ධියක් නිසා මේ කාරණය මට බලපෑමක් කරල තිබ්බෙ. එම පසුබිම නිසා තමයි මොනාලිසා තිර නාටකය ලියැවෙන්නෙ.

කල්පනා නමැති මොනාලිසා චිත‍්‍රපටියේ එන තරුණිය මෙවැනි අත්දැකීම්වලට මුහුණ දුන්න කෙනෙක්. ඈත පිටිසර ගමක ඉඳල එම තරුණිය කොළඹට එන්නෙ තමන්ගෙ නර්තන හැකියාව වැඩි දියුණු කරගන්න. එතනදි එයාට මුහුණ ගැහෙන විවාහකයෙක් එක්ක ඇති කරගන්නා සම්බන්ධතාවයක ප‍්‍රතිඵලයක් විදියට ඇති වන ප‍්‍රශ්නයක් නිසා ඇය සිය දිවි හානි කරගන්න හදනවා. ඒ මොහොතේ ඇයට හමුවන එක්තරා පුද්ගලයෙක් නිසා එය මග හැරෙනවා. එතනදි එම පුද්ගලයාට කරන පාපොච්චාරණයත් එක්ක තමයි මේ චිත‍්‍රපටිය ඇරඹෙන්නෙ.

මේ සිනමාපටය නිෂ්පාදනය කරන විටත් සිනමාශාලා වසා දැමෙමින් තිබුණේ. එවැනි වාතාවරණයක චිත‍්‍රපටයක් හදන්න හිතුවේ…

ඔව් මම දැනගෙන හිටියා කොවිඞ් නිසා සිනමා ශාලා වසා දැමීමෙන් රසික රසිකාවියන් සිනමා ශාලාවලින් ඈත් වුණ විපාකය තව අවුරුදු ගාණක් යනකන් අපට තියනවා කියල. දැන් සිංහල චිත‍්‍රපටි පෙන්වන සිනමා ශාලා තියෙන්නෙ හතළිස් ගාණයි. මම හිතුවා මේ ගැටලුවට මුහුණ දෙන්න පුළුවන් විකල්ප අදහසක් එක්ක චිත‍්‍රපටියක් කරන්න. ඒ නිසා විකල්ප බෙදා හැරීමකට යන්නත් එක්කයි මේ චිත‍්‍රපටිය ආරම්භ කරන්නෙම. චිත‍්‍රපටිය 2021 ජූනි මාසේ පටන්ගෙන 2022 ජනවාරි 18 සෙන්ස කරනවා. ඊට මාසයකට පස්සෙ 2022 පෙබරවාරි මාසේ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කරන තැනට මම එන්නෙ ඒ තත්ත්වය හොඳින් තේරුම් කරගෙන වැඩ කරපු නිසා. ඉතා සීමිත සිනමාහල් කීපයක චිත‍්‍රපටිය මුදා හරින ගමන් අනෙක් පැත්තෙන් විකල්ප ෆ්ලැට් ෆෝම්වල සිනමාපටය ප‍්‍රදර්ශනය කිරීමයි මගේ අරමුණ වුණේ ඒකයි.

පවතින වාතාවරණයත් එක්ක සිනමාපටයේ නිෂ්පාදන පිරිවැය හෝ පියවා ගැනීමට පුළුවන්ද

ඔව්. මම මේ තත්ත්වය කලින්ම දැකල සීමිත සම්පත් යොදාගෙන අඩු නිෂ්පාදන පිරිවැයකින් නිර්මාණයක් කරන්නෙ කොහොමද කියල හිතලයි මොනාලිසා කළේ. තිරපිටපත ලියද්දිම මම ඒක සැලසුම් කළා. මේ තත්ත්වයෙන් මිදෙන්න නම් සිනමා ශාලාවලින් ඈත් වුණ ගම්බද ජනතාව නැවත මේ වින්දනයට ගේන්න ඒ ප‍්‍රදේශවල වැහිල ගිය සිනමා ශාලා නැවත විවෘත කරන්න ඕන. ඒක කෙරෙනකන් බලා ඉන්නෙ නැතිව චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කළ හැකි වෙන ෆ්ලැට්ෆෝම්වලට යන්න ඕන.

  • තිස්ස
advertistmentadvertistment
advertistmentadvertistment