මොන අභියෝග ආවත් සතුන් රැක ගැනීමට අවංකව රාජකාරිය කරනවා

225

– සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල්

‘කුමන අභියෝග බාධක ආවත් අවංකවම මගේ රාජකාරිය ඉටුකරනවා. සත්වෝද්‍යාන තුළ සිටින සතුන් රැක ගැනීම වෙනුවෙන් මගේ යුතුකම අවංකවම ඉටුකරනවා’ යැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය ‘දිවයින’ට ඊයේ (17 දා) පැවසුවාය.

දෙහිවල සතුන් වත්තේ පසුගිය කාලයේ සිදුවූ වංචා දූෂණ සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන කටයුතු අවසන් වී ඇති බවත්, ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති සියලූ දෙනාටම නීතිමය කි‍්‍රයාමාර්ග ගැනෙනු ඇති බවත් ඇය සඳහන් කළාය.

තමා දින 14ක කාලයකට නිවාඩු ලබා සිටි අවස්ථාවක රාජ්‍ය අමාත්‍යවරයකු විසින් දෙහිවල සත්වෝද්‍යානයේ හිටපු අධ්‍යක්‍ෂවරියක් අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කටයුතු යොදා ඇති බවට තොරතුරු හෙළිවූ බවද ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය පැවසුවාය.

‘මා පත්කළේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුුමාගේ උපදෙස් අනුව මා මෙහි වැඩකටයුතු ටික කරගෙන යනවා. වංචාවට, දූෂණයට ඉඩක් නැහැ. සතුන්ට මම හරිම ආදරෙයි. සත්වෝද්‍යාන සියල්ල දියුණු කිරීමට කටයුතු කරනවා’ යැයිද ඇය කියා සිටියාය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ පින්සිරි ආරියරත්න -රත්මලාන සහ ඥානතිස්ස ජයවර්ධන-බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment