මොරටුව අඟුලානෙන් ඇල්ලූ කුලී රථයේ ලක්‍ෂ 130ක අයිස් සැකකරු ති‍්‍රකුණාමලය වරායේ සේවකයෙක්

251

ලක්ෂ 130ක අයිස් මත්ද්‍රව්‍ය කුලී රථයක් යොදා ගනිමින් අලෙවි කිරීමට රැුගෙන යමින් සිටි ත‍්‍රිකුණාමලය පදිංචි වයස අවුරුදු 47ක පුද්ගලයෙක් මොරටුව දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම පුද්ගලයා කුලී රථයක් යොදා ගනිමින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට රැුගෙන යන බවට මොරටුව පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට ඊයේ (05 දා) අලූයම 04.00 මොරටුව අඟුලාන මංසන්ධිය ප‍්‍රදේශයේ දී පොලිස් කණ්ඩායමක් යොදවා වැටලීම කර ඇත. එහිදී කළ පරීක්ෂාවේදී කුලී රථයක තිබී රුපියල් ලක්ෂ 130ක පමණ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට මොරටු පොලිසියේ පොලිස් කණ්ඩායමට හැකියාව ලැබී ඇත.

අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු ත‍්‍රිකුණාමලය වරායේ සේවයේ නියුතු පුද්ගලයෙකි. එම පුද්ගලයා මන්නාරම ප‍්‍රදේශයේ සිටින මත්ස්‍ය ව්‍යාපාරිකයකුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගෙන ගල්කිස්ස ප‍්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට තවත් පුද්ගලයින් තුන්දෙනකු සමග මෙම ජාවාරම කර ගෙන ගොස් ඇත. මොහු ත‍්‍රිකුණාමලය වරායේ සේවයේ නියුතු පුද්ගලයෙකි. මොහු රාත‍්‍රී සමාජ ශාලාවලට ගොස් කැසිනෝ ක‍්‍රීඩාවේ යෙදෙන පුද්ගලයකු වන අතර නිවස උකසට තබා කෝටි තුනක් ලබාගෙන කැසිනෝ සූදු ක‍්‍රීඩාවේ යෙදී ඇත. එහිදී එම කෝටි 3ක මුදල පරාජය වීම හේතුවෙන් නිවස සින්න වීමට ගොස් තිබේ. එය බේරා ගැනීමට කෝටි 5ක මුදලක් අවශ්‍ය වී ඇත. එම මුදල සොයා ගැනීමට මත්ද්‍රව්‍ය අලෙවි කරන බව මෙම පුද්ගලයා වැඩිදුර ප‍්‍රශ්න කිරීම්වලදී කියා තිබේ.

මෙම පුද්ගලයාට සහය දැක්වූ පුද්ගලයෝ වයස අවුරුදු 24, 28, 29 වයස් කාණ්ඩවල පසුවන්නෝය. මෙම පුද්ගලයන් 4 දෙනා මොරටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රඳවාගෙන ප‍්‍රශ්න කිරීම්වලට නියෝග ලබා ගන්නා බව මොරටු පොලිසිය ප‍්‍රකාශ කළේය.

මෙම මෙහෙයුම බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත් දකුණ භාර කපිල කඩුපිටිය, ගල්කිස්ස කොට්ඨාස භාර පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, මොරටුව පොලිස් අධිකාරි උපුල් සමරසිංහ, මූලස්ථාන පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර ප‍්‍රදිනාන්දු, උ. පො. ප. නන්දන, පො. කො. (68186* සාගර, පො. කො. (97397* දෙහිගම, පො. කො. (3970* නිරෝෂන්, පො. කො. (72204* බස්නාහිර බුද්ධි ප‍්‍රසන්න යන පොලිස් කණ්ඩායම මෙම මෙහෙයුම සිදු කළහ.

එස්. ඒ. ආර්. ප‍්‍රනාන්දු – මොරටුව

advertistmentadvertistment
advertistmentadvertistment